ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල 20% කින් පමණ පහළ යන ලකුණු

Date:

සටහන – රෂිකා හෙන්නායක

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉදිරි සති කිහිපය ඇතුළත ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල විශාල ප්‍රතිශතයකින් පහළ යනු ඇති බවයි.

මෙලෙස විශාල ප්‍රතිශතයකින් එක්වරම ඉන්ධන මිල පහළ යාම හේතුවෙන් ලොවපුරා ජනතාවට ඉන් විශාල සහනයක් ඇතිවනු ඇති බවත්, ඒ අනුව ඉන්ධන මිල 20% ක ප්‍රතිශතයකින් පමණ මෙලෙස පහළ යනු ඇති බවත් එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

රුසියා-යුක්‍රේන යුද්ධයෙන් පසුව මෙවැනි අගයකින් බොරතෙල් මිල පහළ යනු ලබන ප්‍රථම අවස්ථාව මෙය බවත් , විශ්ලේෂකයින් පෙන්වා දී ඇත්තේ පසුගිය වකවානුවේ බොරතෙල් මිල ඉහළ යාමට රුසියා-යුක්‍රේන යුද්ධය ප්‍රබල සාධකයක් වූ බවය. පසුගිය සතිය වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 67 කට ආසන්න අගයක් දක්වා පහළ වැටී තිබූ අතර 2021 වසර වනවිට ඩොලර් 100ක් දක්වා ඉහළගොස් තිබූ බොරතෙල් බැරලයක මිල මේ තරම් අගයකින් පහත වැටී තිබුණේ ද මුල් වරටය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ද පැවසූවේ ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී මෙරට ජනතාවට දැනෙන සහනයක් ලබාදෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...