අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000කට දීමනාවක් ලබාදීමට තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මෙවර යල කන්නයේ දී , අමෙරිකානු ආධාර යටතේ අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000කට එක් ගොවි පවුළකට රුපියල් 30,000 බැගින් දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති අතර දිවයිනේ අක්කරයකට වඩා අඩු කුඹුරු වගා කරන අඩු ආදායම්ලාභී ගොවි පවුල් 48,000ක් සඳහා රුපියල් 15,000 බැගින් වාරික දෙකක් යටතේ එක් පවුලකට රුපියල් 30,000ක මුදලක් ලබා දීමට නියමිතයි.

මෙම ගොවි පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම මෙහි අරමුණ වන අතර , මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, හා මොණරාගල යන දිස්ත්‍රික්කවල අක්කරයකට වඩා අඩු ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් සඳහා මෙම සහනාධාර දීමනාව ලබා දීමට නියමිතව තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ පසුගිය මහ කන්නය තුළ මෙරට ගොවි ජනතාවට එක් ගොවි පවුලකට රුපියල් එක්ලක්ෂ නවදහසක පමණ මුදලක් රජය හා වෙනත් අන්තර්ජාතික ආයතනවල සහයෝගයෙන් සහනාධාර වශයෙන් ලබා දී ඇති බවයි.

එනම් , යුරියා පොහොර අඩු මිලට ලබා දීම, ඉන්ධන නොමිලයේ ලබා දීම, යුරියා පොහොර නොමිලයේ ලබා දීම, බන්ඩි පොහොර අවම මිලක් යටතේ ලබා දීම හා කාබනික පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාර මුදල් ලබා දීමද අයත් වන බව කිව යුතුය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...