*
Monday, May 6, 2024
spot_img

Latest Posts

වැඩි වූ මහ බැංකු වැටුප් ගැන දැන් කියන කතාව!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 24, කොළඹ (LNW): මහ බැංකුවේ ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වය සහ වෘත්තිකයන් බහුතරය ඒකාබද්ධ තීරණයකට පැමිණ 70% කින් වැඩි කර ගත් වැටුප සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමය යන බව වාර්තා වේ.

මහ බැංකුව පවසන්නේ, වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මහජනතාව අතර පවතින කතිකාව පිළිබඳ සලකා මෙම තීරණය ගත් බවයි.

වෘත්තීය සමිති සමග ද පවතින සාමුහික ගිවිසුමකට අනුව වැටුප් වැඩි කර ගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රජයේ මුදල් කාරක සභාවට දැනුම් දී තිබුණ ද ඉහත තීරණය සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමග කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයි වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වැටුප් වැඩි කර ගැනීම කල් දමන ලෙසට මුදල් කාරක සභාව නිර්දේශ කර තිබෙන අතර මහ බැංකුව සඳහන් කරන්නේ කාරක සභාව පසුගිය 20 වැනිදා එම නිර්දේශය පාර්ලිමේන්තුවට දැනුම් දීමට පෙර ඉහත තීරණය තමන් කාරක සභාවට දන්වා තිබූ බවය. වැටුප් වැඩි කිරීම සලකා බැලීමට මහ බැංකු අධිපතිවරයාගේ ද එකඟත්වය මත මුදල් ඇමැතිවරයා විසින් ස්වාධීන කමිටුවක් කඩිනමින් පත් කරනු ලැබිය යුතු බවට ද එම වාර්තාව සති හතරක් ඇතුළත මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බවට ද නිර්දේශ කරනු ලැබ ඇති බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan