CSK නායකත්වයෙන් දෝනි ඉල්ලා අස්වෙයි – නව නායකයා ජඩේජා

0
324

ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට මහේන්ද්‍ර සිං දෝනි තීරණය කර තිබෙනවා. ඔහු අද සිය තීරණය ප්‍රකාශයට පත්කර තිබේ.

2008 වසරේදී ඉන්දියානු ප්‍රීමියර් ලීග් ආරම්භක තරගාවලියේ පටන් දෝනි චෙන්නායි කණ්ඩායමට නායකත්වය ලබාදුන් අතර තරගාවලි ඉතිහාසයේ වැඩිම තරග ප්‍රමාණයකට නායකත්වය ලබාදුන්නේද දෝනි විසිනි.

මහේන්ද්‍ර සිං දෝනිගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා නම් කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් හිමිකරුවන් තීරණය කර තිබෙනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here