“ඔබ සැම දන්නවා නූතන ව්‍යාපාරික ලෝකයේ බැංකුකරණය වඩාත් අභියෝගකාරී මෙහෙයුමක් බව – මහා බැංකු අධිපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික අර්බුදය හමුවේද මෙරට බැංකු පද්ධති ස්ථාවරව පවත්වා ගැනීමට හැකියාව ලැබුණු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“ඔබ සැම දන්නවා නූතන ව්‍යාපාරික ලෝකයේ බැංකුකරණය වඩාත් අභියෝගකාරී මෙහෙයුමක් බව. නූතන බැංකුකරණයේදී එම අභියෝග විවිධාකාරයි. අමෙරිකාව, එක්සත් රාජධානිය සහ යුරෝපයේ වුවත්, ලොව පුරා අපට දිනපතා අසන්නට ලැබෙනවා බැංකු පද්ධති මුහුණදෙන අභියෝග ගැන.මේ නිසයි අපේ වාණිජ බැංකු වුවත් ඕනෑම අභියෝගයකට මුහුණදිය හැකි ආකාරයෙන් යම් ඉඩක් තබා සූදානම් විය යුත්තේ. ද්‍රවශීලීතාව, ප්‍රාග්ධනය සහ කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පිළිබඳ එහිදී අවධානය යොමුකළ යුතුයි. නියාමනයටද කෙතරම් වේගයකින් අභියෝගයකදී මැදිහත්විය හැකිද යන්නත් වැදගත්වනවා.

අප පසුගිය සතිය තුළත් ගෝලීය බැංකු පද්ධති මුහුණදුන් එවැනි අවස්ථාවන් දුටුවා. ශ්‍රී ලංකාවේ පසුගිය කාලය තුළ දුෂ්කරතාවන් රැසක් පැවැතුණු අතර මෑත කාලයේ වුවත් එවැනි අර්බුදකාරි තත්ත්වයන් පැවැතුණා.

එහෙත් එම අර්බුද හමුවේ වුවුද මෙරට බැංකු පද්ධතිය ස්ථාවරව පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා. ඉදිරියේදීත් බැංකු පද්ධතියේ එවැනි ස්ථාවරතාවයක් පවත්වාගත හැකි බව මට විශ්වාසයි.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයෑම : මරණ සංඛ්‍යාව තවත් ඉහළට. නුවර – කොළඹ මාර්ගය හෙටත් වසාදැමේ !

සටහන - රුවන් නෙළුගොල්ල පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයාමෙන්...

නගර තුනක ආණ්ඩු විරෝධී ජනරැළි තුනක් ළඟදීම අපි පවත්වනවා – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 22 කොළඹ LNW : ඒකාබද්ධ විපක්ෂයෙන් තවත්...

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...