නොර්වේ තානාපති කාර්යාලය වසා දමන්නේ තානාපති ගොඩ්ෆ්‍රී කුරේගේ වුවමනාවටද?

Date:

නොර්වේ හි ඔස්ලෝ අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත බලපෑම් කර ඇත්තේ නොර්වේහි වර්තමාන ශ්‍රී ලංකා තානාපති ගොඩ්ෆ්‍රී කුරේ විසින් බවට එරට ශ්‍රීලාංකික ප්‍රජාව චෝදනා කරති.

ඊට හේතුව වී ඇත්තේ ගොඩ්ෆ්‍රී කුරේ තානාපතිවරයාගේ නිවසේ සේවය සඳහා ශ්‍රී ලංකාවේ සිට ඔහු විසින් රැගෙන ගොස් ඇති සුජීවා නමැති තිස් හැවිරිදි රූමත් කාන්තාවක් ඔහුගේ හිරිහැර ඉවසාගත නොහැකිව තානාපති නිල නිවසෙන් පලාගොස් නොර්වේ රජයේ බලධාරීන්ට පැමිණිලි කිරීම නිසා බව සඳහන්.

මේ සම්බන්ධයෙන් දැනට නෝර්වේ රජය පරීක්ෂණ පවත්වමින් සිටින අතර මෙහිදී සිදුව ඇති බරපතල මානව හිමිකම් කඩවීම් චෝදනා තානාපති වරප්‍රසාද යටතේ පවා නිශේධ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී තිබේ.

ඒ අනුව මේ චෝදනා වලින් ගැලවීමේ එකම උපක්‍රමය ලෙස තානාපති කාර්යාලය වසා දැමීමට වැරදි තොරතුරු ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ තානාපතිවරයා විසින්ම බවට නෝර්වේ ශ්‍රී ලාංකික ප්‍රජාව චෝදනා කරති.

මේ හේතුවෙන් දහස් ගණනක් ශ්‍රී ලංකිකයින්ට රැකියා අහිමිවීමේ අවධානමක් ද මතුව ඇත.

ගොඩ්ෆ්‍රී කුරේ සිය තානාපති තනතුර දරන ලද කාලය පුරාම සිදුකර ඇත්තේද රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස රටට සේවය කිරීමට වඩා පෞද්ගලික ව්‍යාපාර බවටද දැන් තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

මේ අතර සූජීවා නමැති කාන්තාවට මේ වන විට නොර්වේ බලධාරීන් විසින් විශේෂ ආරක්ෂාවක් ද සපයා ඇති බව සඳහන්.

(මේ සම්බන්ධයෙන් ගොඩ්ෆ්‍රී කුරේ ඇතුළු කිසියම් හෝ පාර්ශවයක් වෙත කරුණු දැක්වීමට අවශ්‍ය නම් ඒ සඳහා ද අවකාශය පවතින බව ද මෙහිදී සඳහන් කරමු)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...