Wednesday, May 31, 2023
spot_img

Latest Posts

ලෝක කුසලානයට කෙළින් පාර වැසෙයි – පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට දැවන්ත පරාජයක්

එක්දින ලෝක කුසලාන තරගයට පිවිසීම සඳහා 3 – 0 ක් ජයග්‍රහණයක් නවසීලන්තයට එරෙහිව අත් කර ගැනීමේ බලාපොරොත්තු සුන් කරමින් ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයෙන් ලකුණු 198 න් පරාජයට පත් විය.මේ පරාජය සඳහා උර දුන් ප්‍රධාන පුරුක වෙමින් වේග පන්දු යවන හෙන්රි ෂිප්ලි ලකුණු 31 ට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය ලබා ගැනිමෙන් ඉනික්බිතිව පළමුව පන්දු රැකීමට තීරණය කළත් පළමු පන්දු ඕවර් පහේදි වේගයෙන් පන්දුවට පහර දීමට ඉදිරිපත් වූ ආරම්භක පිතිකරු යුගලයෙන් අද පළමු වරට ජාත්‍යන්තර එක්දින වරම් ලබා ගත් චාඩ් බොවේස් ලකුණු 6 ට සීමා කරන්නට ලහිරු කුමාරට හැකි විය.අද එක්දින වරම් දිනූ රචින් රවීන්ද්‍ර ලකුණු 49 ක් ලබා ගත්තේය.බංගලෝරයේ යම් තරමකට ක්‍රිකට් ක්‍රීඩා කළ රවී ක්‍රිෂ්ණමූර්ති නම් වූ මෘදුකාංග ගෘහ නිර්මාණ ශිලිපියෙකුගේ පුතෙක් වන ඉන්දීය සම්භවයක් ඇති මේ ක්‍රිඩකයා සිය ප්‍රවේශය අර්ධ ශතකයකින් සරසා ගන්නට ගත් උත්සාහය එක ලකුණකින් මඟ හැරිණ.ඩැරල් මිචෙල් ලකුණු 47 ක් සහ ග්ලේන් පිලිප්ස් ලකුණු 39 ක් එකතු කරමින් නවසීලන්ත ඉණිම චාමික කරුණාරත්න එල්ල කළ පීඩනයත් සමඟ ලකුණු 274 ද්කවා ගෙන යන්නට සමත් විය.

චාමික කරුණාරත්න තනතිල්ලේ තිබූ ඉල්පීමේ ස්වභාවයෙන් හොඳින්ම ප්‍රයෝජන ගනිමින් පන්දු යැවූ අතර ඔහුගේ එක්දින කඩුලු පැසට තවත් කඩුලු 4ක් එක් කර ගත්තේ ලකුණු 43 ක් ලබා දෙමින්ය.ශ්‍රී ලංකා පිතිකරණයේ දී ද සමස්තය සළකද්දී චාමික ලබා ගත් ලකුණු 11 ද කැපී පෙනෙන එකක් වූයේ ශ්‍රී ලංකා ඉණිමේ ඉලක්කම් දෙකේ ගණනකින් ලකුණු පුවරුවට දායක වූවන් වූයේ තිදෙනෙක් පමණක් නිසාය.කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ ඇන්ජලෝ මැතිවිස් ලකුණු 18 ක් ලැබූ අතර ලහිරු කුමාර ලකුණු 10 ක් රැස් කරන්නට සමත් විය.
ලකුණු 31 ට කඩුලු 5 ක් දවා ගත් හෙන්රි ෂිප්ලි .රගයේ වීරයා විය.සමස්ත ලකුණු විස්තරයට පහත සබඳතාවයෙන් පිවිසිය හැකිය.

https://www.espncricinfo.com/series/sri-lanka-tour-of-new-zealand-2022-23-1322351/new-zealand-vs-sri-lanka-1st-odi-1322359/full-scorecard

නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.