ප්‍රංශයේ TikTok, Twitter, Instagram තහනම් කෙරේ.

Date:

ප්‍රමාණවත් දත්ත ආරක්ෂණ ක්‍රමවේදයක් හා සයිබර් ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකිවීම හේතුවෙන් ප්‍රංශය රජයේ සේවකයින්ගේ දුරකථනවල TikTok, Twitter, Instagram තහනම් කර ඇති බව වාර්තා වේ.

තහනම වහාම ක්‍රියාත්මක වන බව සිවිල් සේවා අමාත්‍යාංශය ඊයේ(24)දිනයේදී ටුවිටර් හි සඳහන් කර තිබිණ.

පසුගිය සති කිහිපය පුරා ධවල මන්දිරය, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව, ලන්දේසි සහ බෙල්ජියම් පරිපාලනය, නවසීලන්ත පාර්ලිමේන්තුව සහ කැනඩාව, ඉන්දියාව, පකිස්ථානය, තායිවානය සහ ජෝර්දානය යන රජයන් ඇතුළුව රජයන් සහ ආයතන මාලාවක් මෑත සතිවල TikTok තහනම් කර ඇත. එයට ප්‍රධානම හේතුව වූයේ එක්සත් ජනපද නීති සම්පාදකයින් සහ ජාතික ආරක්ෂක නිලධාරීන් විසින් TikTok මගින් රැස් කරන ලද පරිශීලක දත්ත වෙත චීන රජයට ප්‍රවේශ විය හැකි බවට පැවසීමත් සමඟය.

මීට අමතරව පසුගිය නොවැම්බර් මාසයේදී FBI හි අධ්‍යක්ෂ Christopher Wray ප්‍රකාශ කර තිබුණේ TikTok සමාජ මාධ්‍ය ජාතික ආරක්ෂක අවදානම් මතු කරන බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් කියා සිටියේ, ටික්ටොක් තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට එක්සත් ජනපදය තවමත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවයි.

TikTok යෙදවුම චීන මවු සමාගමක් වන ByteDanceට අයත්වන අතර 2017 දී චීනය විසින් ක්‍රියාත්මක කරන ලද නීතියක් මගින් රටේ ජාතික ආරක්ෂාවට අදාළ ඕනෑම පුද්ගලික දත්තයක් රජයට ලබා ගත හැකිය. TikTok එවැනි දත්ත පෙරළා ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති මුත් එය එකතු කර ඇති පරිශීලක දත්ත ප්‍රමාණය විශාලවන බැවින් බිය සැක ඇතිවෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් චීනය ප්‍රකාශ කර තිබුණේ වොෂින්ටනය වැරදි තොරතුරු පතුරුවා හරිමින් TikTok මර්දනය කරන බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි – අද (09) කාලගුණ වාර්තාව !

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

විපක්ෂය සුළි කුණාටුව ගැන දැන දැනත් අපට අනතුරු හඟවලා නෑ. මේක සඟවාගෙන හිටියාට විපක්ෂයට නඩු දාන්න ඕනෑ – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල සුළි කුණාටුවක් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ආපදා සහන ක්‍රියාවලියට ආණ්ඩුවේ දේශපාලනඥයින්ගෙන් බලපෑම් – ග්‍රාම නිලධාරීන්ගෙන් චෝදනා !

ආපදා සහන කටයුතු පවත්වාගෙන යාමේදී වත්මන් රජයේ ඇතැම් දේශපාලනඥයින්ගෙන්...

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...