ඉතාලි රජය ඊශ්‍රායලය සමඟ ආරක්ෂක ගිවිසුම අත්හිටුවයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉතාලි රජය ඊශ්‍රායලය සමඟ හමුදා උපකරණ සහ තාක්ෂණ පර්යේෂණ හුවමාරු කර ගැනීම සම්බන්ධ ආරක්ෂක ගිවිසුමක් අත්හිටුවා ඇති බව අගමැති ජෝර්ජියා මෙලෝනි ප්‍රකාශ කර තිබේ.

වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රජය ඊශ්‍රායලය සමඟ ආරක්ෂක ගිවිසුම ස්වයංක්‍රීයව අලුත් කිරීම අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රකාශ කළ මෙලෝනිගේ දක්ෂිණාංශික රජය යුරෝපයේ ඊශ්‍රායලයේ සමීපතම සගයකු වූ නමුත් මෑත සතිවලදී එය ලෙබනනයේ ඉතාලි සාම සාධක හමුදාවන්ට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ දෙරට අතර අමනාපකම් ඉහල ගොස් ඇත.

2006 දී ඊශ්‍රායලය විසින් අනුමත කරන ලද මෙම ගිවිසුම සෑම වසර පහකට වරක් අලුත් කරනු ලැබේ. එය ආරක්ෂක කර්මාන්ත, අධ්‍යාපනය සහ හමුදා නිලධාරීන් පුහුණු කිරීම, පර්යේෂණ සහ සංවර්ධනය සහ තොරතුරු තාක්ෂණය හරහා සහයෝගීතාවය ඉල්ලා සිටී.