ශාරුක්ගේ ප්‍රසංගයට බෝම්බ ගැසීම ගැන නම කියවුණු කෙනෙක් තමා ළඟම ඉන්නේ – මෛත්‍රීගේ ප්‍රකාශය ගැන ගම්මන්පිල කියන කතාව

Date:

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෑතකදී සිදුකළ ප්‍රකාශය මැතිවරණ ඉලක්ක කරගෙන ඔහු විසින් කරන ලද එකක් යැයි තමන් නොසිතන බවත් වෙනත් අයෙකු විසින් සිරිසේන මහතාව පාවිච්චි කරන ආකාරයක් පෙනී යන බවත් පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

“මට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් එක්ක විශේෂ ඇඟෑලුම්කමක් නැති බව මේ කතා කරන විදිහෙන්ම ඔබට පැහැදිලි ඇති. මට බොරුවට කියතහැකි ඔහු මේ මැතිවරණය ඉලක්ක කරගෙන කරන ප්‍රකාශයක් කියලා, නමුත් මට එහෙම තාර්කිකව හිතෙන්නෙ නෑ. මොකද එකක්, සිරිසේන මහත්තයා මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් නෙවෙයි”

ප්‍රශ්නය – ඔහු නෙවෙයි, වෙනත් තීරණාත්මක සාධකයක් විසින් ඔහුව පාවිච්චි කරනවා වෙන්න පුළුවන් ?

“ඒක වෙන්න පුළුවන්”

ප්‍රශ්නය – මොකද ඔහුගේ ඉතිහාසය දෙස බලද්දී ඕනෙ තරම් ඒ වගේ දේවල් දකින්න පුළුවන් …

“අනිවාර්යයෙන්ම ඔව්. ඔය බෝම්බ ගැසීම් වගේ දේවල් සම්බන්ධයෙන් නොයෙකුත් චෝදනා ලබන කෙනෙක් ගැන තමයි මමත් හිතන්නෙ. නමෙන් නොකිව්වට ඔබත් හිතන්නෙ”

ප්‍රශ්නය – මොකක්ද බෝම්බ ගැසීම් ? බෝම්බ ??

“විවිධ බෝම්බ ගැසීමේ චෝදනා එහෙම තියෙන කෙනෙක් තමයි ඔය ඔබත් හිතුවෙ, මමත් හිතන්නෙ. බලන්න පරචිත්ත විජානන ඥානය වගේ නමක් නොකිව්වට අපි ඔක්කොම …”

ප්‍රශ්නය – මොකක්ද බෝම්බ ගැසීම. මට ඒක තේරුණෙ නෑ. 30 වෙනිදාට එන කෙනා නෙවෙයිනෙ ?

“නෑ, එයා තමා. එයාට බෝම්බ චෝදනා තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් 2000දී මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තිබුණු නව ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟීමේ රැස්වීමට – මං හිතන්නෙ අභයාරාමෙ තිබ්බෙ ඒකෙ – ඒකට බෝම්බ ගැසීම පිළිබඳ චෝදනා එල්ල වුණේ මේ පුද්ගලයාට, ශාරුක් ඛාන්ගෙ ප්‍රසංගයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා මතක ඇති 2005දී, එහිදීත් ඒ චෝදනාව එල්ල වුණේ මේ පුද්ගලයාටමයි. ඉතින් බෝම්බ දෙකක නම කියවුණු චරිතයක්”

ප්‍රශ්නය – එතකොට බෝම්බ දෙකක නම කියවුණු චරිතයක් මෛත්‍රීපාල සිරිසේනට මේ තොරතුරු දුන්නාය කියලාද …

“මේ දවස්වල දෙන්නා ළඟින් ආශ්‍රය කරන විදියට තමයි ….”

ප්‍රශ්නය – දයාසිරි ජයසේකර ඉවත් කරන්නෙත් මේකෙ ප්‍රතිඵලයක් වශයෙන්ද ?

“අපට තියෙන තොරතුරු එහෙමයි. ඔබ ගොඩක් දේවල් දන්නවා චමුදිත. මගෙන් ප්‍රශ්න කරනවාට වඩා හොඳයි වගේ මම ඔබතුමාගෙන් ප්‍රශ්න කළොත් මට පේන විදිහට”

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...