*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

දෙවෙනි සමාලෝචනය හා තුන්වෙනි වාරිකය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවෙනි සමාලෝචනය අවසන් වුනා. මේ අනුව, අදාළ ණය මුදලේ තුන්වෙනි වාරිකය ලැබෙන්නට නියමිතයි. අරමුදලේ ප්‍රවෘත්ති නිවේදනය අනුව ශ්‍රී ලංකාව විසින් සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කය හැර අනෙකුත් ඉලක්ක සියල්ල ලඟා කරගෙන තිබෙනවා. ඇතැම් ඉලක්ක අපේක්ෂා කළාටත් වඩා හොඳින් ළඟා කර ගෙන තිබෙනවා.

මෙම වැඩ සටහනේ ප්‍රධානම ප්‍රමාණාත්මක ඉලක්ක වුනේ පහත ඒවායි.

රජයේ ප්‍රාථමික අයවැය ශේෂය: මෙය 2023 වසර අවසාන වන විට රුපියල් බිලියන 209ක හිඟයක් විය හැකි අතර එම හිඟය ඊට වඩා වැඩි නොවිය යුතුයි. රජය විසින් 2023 නොවැම්බර් මාසය අවසන් වෙද්දී රුපියල් බිලියන 331ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. වසර අවසාන වන විටද ප්‍රාථමික අතිරික්තයක් පැවතී ඇති බව පැහැදිලියි.

ශුද්ධ විදේශ සංචිත: 2023 වසර අවසාන වන විට ඩොලර් මිලියන 1,592ක හිඟයක් පැවතිය හැකි අතර එම හිඟය ඊට වඩා වැඩි නොවිය යුතුයි. මෙම ඉලක්කයට ගොස් ඇති බව පෙනෙනවා.

මහ බැංකුවෙන් රජයට ලබා දී ඇති ණය ප්‍රමාණය: මෙය 2023 වසර අවසාන වන විට රුපියල් බිලියන 2,740ට නොවැඩි විය යුතුයි. වසර අවසානයේදී මෙම අගය රුපියල් බිලියන 2,376 දක්වා අඩු වී තිබෙනවා.

උද්ධමනය: මෙය 2023 දෙසැම්බර් මාසයේදී 12%-18% අතර පැවතිය යුතුයි. වසර අවසාන වන විට උද්ධමනය 4% දක්වා අඩු වී තිබුණා.

රජයේ බදු ආදායම: 2023 වසර අවසාන වන විට රුපියල් බිලියන 2,940ට වඩා වැඩි විය යුතුයි. නොවැම්බර් අවසානය වන විට රජයේ බදු ආදායම රුපියල් බිලියන 2,512ක්. ඒ අනුව, දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 428ක් එකතු කර ගත යුතුව තිබුණා. මෙම ඉලක්කයට ගොස් ඇති බව පෙනෙනවා.

සමාජ වියදම්: 2023 වසර අවසාන වන විට අවම වශයෙන් රුපියල් බිලියන 187ක සමාජ වියදම් වැය කර තිබිය යුතුයි. වසර අවසන් වෙද්දී රජය විසින් මෙම මුදල වියදම් කර නැහැ.

මේ අනුව පෙනෙන පරිදි, රජයේ බදු ආදායම් ඉලක්කය ලඟා කර ගෙන ඇති බව පෙනෙන නමුත් එය ලඟා කරගෙන තිබෙන්නේ යාන්තමින් බවයි පෙනෙන්නේ. එසේ නොවීනම්, වසර අවසන් වීමට ආසන්නව නැවත වරක් වැට් බදු අනුපාතය වැඩි කරන්න හේතුවක් නැහැ.

මේ අනුව, ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කර තිබෙන්නේ ඉලක්කයට වඩා ආදායම් වැඩි කර ගැනීමෙන් නොව, යාන්තම් ආදායම් ඉලක්කයට යමින් රජයේ වියදම් දැඩි දෙස සීමා කිරීම මගිනුයි. සමාජ වියදම් ඉලක්කය මග හැරීමෙන් පෙනෙන්නේද එසේ වියදම් දැඩි ලෙස සීමා කර ඇති බවයි.

මේ ආකාරයෙන් ඉලක්කයට වඩා අරමුදල් ඉතිරි කර ගැනීම නිසා මහ බැංකුවේ ණය වලින් අවශ්‍ය ඉලක්කයට වඩා සැලකිය යුතු කොටසක් ගෙවා දමන්නට රජයට හැකි වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මහ බැංකුවට සංචිත මුදල් වැඩි නොකර විදේශ සංචිත ඉලක්කයට යා හැකි වී තිබෙනවා. උද්ධමනය ඉලක්කයට වඩා විශාල ලෙස පහත වැටීම මෙහි ප්‍රතිඵලයයි.

උද්ධමන ඉලක්කය කරා කලින්ම පැමිණ ඇති නිසා දැන් මහ බැංකුවට හා රජයට ආර්ථික වර්ධනය ගැන කලින්ම හිතන්නට ඉඩක් ලැබී තිබෙනවා. ඒ වගේම, උද්ධමනය ප්‍රශ්නයක් කර නොගෙන රජයේ වියදම් යම් පමණකින් වැඩි කිරීමටද අවකාශයක් ලැබී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන ඉදිරිපත් වූ කාලයේ ඇතැම් අය ලෝකය පුරා රටවල් පීරමින් අරමුදලේ වැඩ සටහන් අසාර්ථක වූ තැන් හොයන්නට පුදුම මහන්සියක් ගත්තා. එසේ කළේ එම වැඩ සටහන් සාර්ථක වීම පිළිබඳව නිදර්ශන 16ක් ලංකාවේම තිබියදී. දැන් එම 16ට තවත් එකක් එකතු වී තිබෙනවා. මෙවර ගොඩ පැමිණ ඇත්තේ පෙර අවස්ථා වල පැවති මට්ටමේ සරල ගෙවුම් ශේෂ අර්බුදයකින් නෙමෙයි. ගෙවුම් ශේෂ අර්බුදය හා බැඳුණු දැවැන්ත විදේශ ණය අර්බුදයකින්. අර්බුදය අවසන්ව නැතත් එහි අසීරුම මුල් අදියර දැන් අවසන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහනක් කියන්නේ කෝකටත් තෛලයක් හෝ සර්ව සම්පූර්ණ වැඩ පිළිවෙලක් නෙමෙයි. නමුත් ලංකාව “දේශීය විසඳුම්” වලින් රටේ ආර්ථිකය බොරු වලවල් වලට වට්ටවා ගත් හැම විටකම එම වැඩ සටහන් වල උදවුවෙන් රට ගොඩ ගිහින් තිබෙනවා. මෙන් පෙර කිසිම අවස්ථාවක රට ණය ගෙවා ගත නොහැකිව බංකොලොත් වුනේ නැහැ. අරමුදලේ වැඩසටහනකට වසරකට පමණ කලින් ගියානම් මෙවරද මේ තරම් විනාශයක් සිදු වන්නේ නැහැ.

පෙර 16 වරම අරමුදලේ උදවුවෙන් ගොඩ ගිය ආර්ථිකය නැවත නැවත අර්බුදයට ගියේ යාන්තම් ගොඩ එද්දී එම වැඩ පිළිවෙළින් පිට පැනපු නිසා. මෙවරත් එවැන්නක් වෙන්න පුළුවන්. එසේ නැවත පිට පැන්නොත් මුහුණ දෙන්න වෙන්නේ කලින් මුහුණ දුන්නාට වඩා උග්‍ර ආර්ථික අර්බුදයකටයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan