බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව ඇරඹෙයි!

Date:

කොළඹ LNW:බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව අද(26) ආරම්භ විය. “ආසියාව හා ලෝකය: පොදු අභියෝගයන්, පොදු වගකීම්” යන තේමාවෙන් පැවැත්වෙන මෙවර සමුළුවේදී දින හතරක් පුරා 40 කට වැඩි උප සංසද ක්‍රියාකාරකම් ද සංවිධානය කෙරේ.

අද(26) පෙරවරුවේ බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුවේ ආරම්භක මාධ්‍ය හමුව පැවැත්විණ. මෙවර සමුළුවට එක්වූ ප්‍රධාන අමුත්තන්, සමුළුවේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු එහිදී ප්‍රකාශ කෙරිණ. “ආසියා ආර්ථිකයේ ඉදිරි දැක්ම හා ඒකීයකරණ ක්‍රියාදාමයේ 2024 වාර්ෂික වාර්තාව” සහ “තිරසර සංවර්ධනය සඳහා ආසියාව හා ලෝකයේ 2024 වාර්ෂික වාර්තාව” යන ප්‍රධාන වාර්තා දෙකක් ද නිකුත් කෙ‍රිණ.

අද පස්වරුවේ සමුළුවට එක් වන දෙස් විදෙස් අමුත්තන් “ආසියාවේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීම”, “වෙළඳාම ඛණ්ඩනය වීම අවම කිරීම ”යන කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...

බංගලාදේශ ගැටළුව ක්‍රිකට් දියාරු කර ලෝක දේශපාලනය අවුලවන සුලු නැද්ද?

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: බංග්ලාදේශ වේග පන්දු යවන...

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...