ලෝක බැංකු සභාපති හෙළි කළ චීන ආර්ථික වර්ධනයේ රහස!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):“ චීනයේ තිරසර සංවර්ධන හැකියාව සහ අපේක්ෂා” යන තේමාවෙන් 24 වැනිදා පැවති, චීන සංවර්ධන සංසදයේ 2024 වාර්ෂික රැස්වීමේ පළමු සම්මන්ත්‍රණයට එක්වෙමින්, චීනයේ කැපීපෙනෙන ආර්ථික වර්ධනය, ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව මැනැවින් සනාථ කර ඇති බව ලෝක බැංකු සභාපති අජේ බංගා පවසයි.

පසුගිය දශක කිහිපය තුළ චීනය ගෝලීය වශයෙන් කීර්තිමත් සංවර්ධනයක් තහවුරු කර ඇති අතර, රැකියා විශාල ප්‍රමාණයක් ද නිර්මාණය කර තිබේ. එමෙන්ම ගෝලීය දරිද්‍රතා අනුපාතය 44% සිට 9% දක්වා අඩු කිරීමට ද චීනය සහය වී ඇති බව අජේ බංගා කියා සිටී.

මීට වසර දහයකට පෙර චීනය බරපතල වායු දූෂණ ගැටළුවලට මුහුණ දුන් නමුත්, මේ වනවිට චීනයේ “නිල් අහස” සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත.

චීනය, ලෝක බැංකු ආධාර ලබන්නෙකුගේ සිට එහි විශාලතම පරිත්‍යාගශීලියෙකු දක්වා පරිවර්තනය වී ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය. චීනයේ සාර්ථක සංවර්ධන අත්දැකීම් ඉතියෝපියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, තුර්කිය සහ වියට්නාමය ඇතුළු බොහෝ රටවලට ද හඳුන්වා දී ඇති අතර, ආර්ථික සංවර්ධනය සහ පාරිසරික ආරක්ෂාව සමබරව පවත්වා ගෙන යා හැකි බව ද චීනය ප්‍රායෝගිකව පෙන්නුම් කර ඇතැයි ලෝක බැංකු සභාපතිවරයා පෙන්වා දෙයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...