ගිය අවුරුදු දෙකේ රනිල්ට මල්වඩම් පැතූ අයගෙන් මෙවර මල් කළඹ ලොරියක් !

Date:

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (24) දිනයේදී සිය 73 වැනි උපන්දිනය සැමරුවේය.

අග්‍රාමාත්‍ය ධුරයත් අහිමිව, පාර්ලිමේන්තුවේත් තනි ආසනයකට වැටී ගෙවුණු පසුගිය දෙවසර තුළ ඒ මහතාගේ උපන්දිනය බොහෝ අයට මතක තිබුණේම නැත. ඇතැම් අය ඒ වනවිට සිතමින් සිටියේ රනිල්ට මල් කළඹ නොව මල්වඩම් යවන්නට ය.

එහෙත් මෙවර උපන්දිනයේදී කොළඹ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට උපන්දින සුබපැතුම් සමග මල් කළඹවල්, තෑගිබෝග වැසි වැස තිබුණු බවක් අපට වාර්තා විය. දිවයිනේ ප්‍රමුඛ පෙළේ සමාගම්, ප්‍රධාන ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් ඒ මහතාට මෙවර සුබපැතුම් එවා තිබුණු බවයි ආරංචිමාර්ග පැවසුවේ.

මේ ගැන “කාලය මැව් වෙනසක අරුමේ …” කියනවාටත් වඩා අපට කියන්නට ඇත්තේ සුළඟ හමන අතේ වෙනසක් බොහෝ පිරිසකට දැනී ඇති බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...