ජනාධිපති සූට් මහපු අප්පුහාමිලට කියන්නේ ඔය සූට් පැත්තක තියල මිනිස්සු වෙනුවෙන් පාරට බැහැපල්ලා – අසේල (VIDEO)

Date:

රටේ 60%ක් පමණ ජනතාවට ඉදිරි අලුත් අවුරුදු සැමරීම නොව ඇත්තේ එදා වේල සපුරාගන්නේ කෙසේද යන ප්‍රශ්නය බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේය.

ඒ, අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

අවුරුද්දට කිරිබත උයන්නට සිදුව ඇත්තේද චීනාගෙ සහලින් බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව දැන් සිටින රූකඩ පාලකයින්ගේ නූල් කපා දමා ප්‍රජාතන්ත්‍රවාදී භාරකාර රජයකට වහාම යා යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

”එහෙම නැතුව ඔළු ගෙඩි පෙන්නලා ආණ්ඩු ගන්න හදනවා නම් ඒක මහා විහිළුවක්. ඔය ඔළු ගෙඩි පෙන්වන අය ළඟ නැහැ මේ රටේ මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්න. පට්ටපල් පාදඩයෝ වේදිකාවල අර ගේන මිනිස්සු ඉස්සරහ කතා කරනවා. මිනිස්සු වෙනුවෙන් කතා කරන සිවිල් සංවිධාන ඒවායේ නැහැ. ඒ මොකද ඒ ? අපි ඇත්ත කතා කරන හින්දද? ඒ නිසා අපි කියනවා ඔළු ගෙඩිවලට සෙනග ගෙනල්ලා මේ රටේ බලය වෙනස් කරනවා නෙවෙයි පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ ප්‍රබල විපක්ෂයක් ලෙස එකතු වෙලා භාරකාර රජයක් නිර්මාණය කරන්න ඕනේ.”

එමෙන්ම මේ වන විට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් රටේ මාර්ග සංවර්ධනයට බිලියන ගණනක තාර ගෙනවිත් තිබෙන අතර මෙවර අවුරුද්දට කැවිලි පෙවිලිත් සාදා ගැනීමට නොහැකි නිසා බන්දුල ගුනවර්ධනගේ සතොසෙන් රු.10ක් අඩුවෙන් දෙන වතුර බෝතලයක් සහ තාර ගුලියක් බැගින් අවුරුද්දට ජනතාවට දෙන ලෙසද අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය අනුව රටේ ජනාධිපති වීමේ සිහිනයෙන් ජනාධිපති සූට් මසාගෙන සිටින අප්පුහාමිලට තමන් කියන්නේ ඒ සූට් පැත්තකින් තබා ජනතාව වෙනුවෙන් පාරට බහින ලෙස යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...