ආර්ථිකය යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන්නේ. ප්‍රතිපත්ති පොළී අනුපාතිකයේ වෙනසක් නැහැ – මහ බැංකුව

කොළඹ LNW:ප්‍රතිපත්ති පොළී අනුපාතිකයේ වෙනසක් සිදු නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව එම පොළී අනුපාතය 8% මට්ටමේ ඉදිරියටත් පවත්වාගෙන යන බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරන්නේ.

වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලයේ පුරෝකථනය අනුව උක්ත තීරණය ගෙන තිබේ.

මැදිකාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

වසරේ අවසාන කාර්තුව වන විට අවධානම් තත්ත්වය පහවී අපේක්ෂිත ඉලක්කය කර ළඟා වීමට හැකිවනු ඇති බවද මහ බැංකුව කියාසිටියි.

ඉදිරියේදී පුරෝකථනයේ වෙනසක් වෙන බව පෙනුනහොත් අලුත් දත්ත මත පදනම් වූ තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවද මහ බැංකුව පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...