මාර්ග රක්ෂිතවල නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තාවකාලිකව අවසර

Date:

සටහන – රෂිකා හෙන්නායක

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් , උත්සව සමයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග රක්ෂිතවල නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තාවකාලිකව අවසර ලබාදී ඇත. බොහෝ නිෂ්පාදකයින් සිය නිෂ්පාදන අලෙවි කරගැනීමට නොහැකිව අපහසුතාවයන්ට ලක්ව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.මේ හේතුවෙන් ස්වයං රැකියාවක් ලෙස ගෘහාශිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදනය සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීම සඳහා උත්සව සමයේ තාවකාලිකව අවසරය හිමිවේ.ඒ අනුව මාර්ග රක්ෂිත ආශ්‍රිතව වෙන් කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය සහිතව ස්ථීර ඉදිකිරීම් සිදුනොකර සිය නිෂ්පාදන අලෙවි කරගැනීමට නිෂ්පාදකයින්ට අවසර හිමි වෙනු ඇත.මේ වනවිට මහරගම ඇතුළු ස්ථාන කිහිපයක රෙදිපිළි සහ ඇඟලුම් අලෙවි කිරීම සඳහා මෙවැනි විශේෂිතප ස්ථාන වෙන්කර දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළ අතර , දිවයිනේ අනෙකුත් සියලූම ප්‍රදේශවල උත්සව සමය නිමවන තුරු තාවකාලිකව ස්වයං රැකියාවල නියුතු නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට අවස්ථාව හිමිවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...