මාර්ග රක්ෂිතවල නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තාවකාලිකව අවසර

Date:

සටහන – රෂිකා හෙන්නායක

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් , උත්සව සමයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග රක්ෂිතවල නිෂ්පාදන අලෙවි කිරීම සඳහා තාවකාලිකව අවසර ලබාදී ඇත. බොහෝ නිෂ්පාදකයින් සිය නිෂ්පාදන අලෙවි කරගැනීමට නොහැකිව අපහසුතාවයන්ට ලක්ව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.මේ හේතුවෙන් ස්වයං රැකියාවක් ලෙස ගෘහාශිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදනය සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීම සඳහා උත්සව සමයේ තාවකාලිකව අවසරය හිමිවේ.ඒ අනුව මාර්ග රක්ෂිත ආශ්‍රිතව වෙන් කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය සහිතව ස්ථීර ඉදිකිරීම් සිදුනොකර සිය නිෂ්පාදන අලෙවි කරගැනීමට නිෂ්පාදකයින්ට අවසර හිමි වෙනු ඇත.මේ වනවිට මහරගම ඇතුළු ස්ථාන කිහිපයක රෙදිපිළි සහ ඇඟලුම් අලෙවි කිරීම සඳහා මෙවැනි විශේෂිතප ස්ථාන වෙන්කර දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළ අතර , දිවයිනේ අනෙකුත් සියලූම ප්‍රදේශවල උත්සව සමය නිමවන තුරු තාවකාලිකව ස්වයං රැකියාවල නියුතු නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන පාරිභෝගිකයින්ට අලෙවි කිරීමට අවස්ථාව හිමිවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...