ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ ලේකම් පන්කජ් ජේන් මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස ජනාධිපති හමුවේ

සටහන – රෂිකා හෙන්නායක

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ , ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ ලේකම් පන්කජ් ජේන් මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කළ බවයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේ, එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අංශයේ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම සඳහා ඒකාබද්ධව හඳුනාගත් ප්‍රමුඛතා ක්ෂේත්‍රවල වර්ධනයන් පිළිබඳව නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ බවත් එහිදී එම වර්ධනයන් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා මගපෙන්වීම සහ උපදෙස් ලබා දුන් බවත්ය.

ඉන්දියානු තෙල් සමාගමේ ප්‍රධානීන් ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය ඉහළ පෙළේ ඉන්දීය නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේ නියෝජිත පිරිස විසින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් බෝතල් වලින් නිර්මාණය කරන ලද කබායක් සහ සූර්ය බලයෙන් ආහාර පිසීමේ ගෘහස්ථ පද්ධතියක් සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද බවත් එවැනි සූර්ය බලයෙන් ආහාර පිසීමේ ගෘහස්ථ පද්ධති 500 ක් ශ්‍රී ලංකාවේ භාවිත කිරීම සඳහා ඉන්දියානු තෙල් සමාගම ත්‍යාගයක් ලෙස ලබා දුන් බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

බද්දේගම හල්පතොට වෙඩි තැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ...

මෙගාවොට් 1,513ක සූර්ය බලශක්ති ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : පසුගිය වසරේ සිට...