*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ඉදිරි වසර 25 තුළ ඉන්දියන් සාගරයේ සෙසු රටවල් සහ දකුණු ආසියාව සමඟ එක්ව ඉදිරියට යමින් දැවැන්ත සංවර්ධන ඉලක්කයක් සපුරාගනු ඇති හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා.” – ජනපති

සටහන – රෂිකා හෙන්නායක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ මහ බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට විවෘත වන ඉන්දියානු වෙළෙඳ පොළ ප්‍රවේශය හෝ අප්‍රිකානු වෙළෙඳ පොළ විවෘත වීමට බාධා ඇති විය නොහැහි බවයි.

ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අතර මෑතකදී පිහිටුවන ලද “Aukus” ගිවිසුම, චීනය සහ ක්වාඩ් අතර තරගය වඩාත් තීව්‍රර කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

මේ ජනපතිගේ කතාවයි.

“ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ පර්යේෂකයන් වන ඔබ සමඟ සංවාදයට එක්වන ලෙස මට ආරාධනා කිරීම පිළිබඳ මම මහාචාර්ය තරුන් ඛන්නාට සහ මහාචාර්ය අසිම් කව්ජාට ස්තූතිවන්ත විය යුතුයි. ලක්ෂ්මි මිට්ටල් සහ ෆැමිලි සවුත් ඒෂියා ආයතනය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔබේ මධ්‍යස්ථානයේ සහාය ඇතිව දකුණු ආසියාව කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව මෙහිදී සඳහන් කෙරුණා.

ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස මම වැඩ භාර ගන්නා අවස්ථාව වන විට දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයකට රට තල්ලු වී තිබුණා. ඔබ කී පරිදි, දරිද්‍රතාවය ජනගහනයෙන් 25% දක්වා දෙගුණ වී තිබු අතර, 500,000 කට පමණ රැකියා අහිමි වී තිබුණා. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දේශීය ආදායම 2018 දී 12.5 සිට 2022 දී 8.2 දක්වා පහත වැටී තිබුණා.

ණය සේවා, වැටුප් සහ සමාජ ආරක්ෂණය යන අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීමට එය ප්‍රමාණවත් වුණේ නැහැ.

රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% දක්වා වැඩි වුණා. ශ්‍රී ලංකාව මෙලෙස ආර්ථික විනාශයේ අගාධය කරා ගමන් කරන විට රට තුළ අවුල් වියවුල් ඇති වුණා. මගේ පූර්වගාමියාට රට හැර යාමට සහ ඉල්ලා අස්වීමට බල කෙරුණා. ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය නිල නිවස, අග්‍රාමාත්‍ය කාර්යාලය, මේ සියල්ල විරෝධතාකරුවන් විසින් අල්ලා ගත්තා. මගේ පෞද්ගලික නිවසට සහ පුස්තකාලයට ගිනි තිබ්බා. පාර්ලිමේන්තුව වට කරලා මන්ත්‍රීවරු බලහත්කාරයෙන් එළියට දැමීමට දැරූ උත්සාහය හමුදාව නිසි වේලාවට පැමිණීම නිසා වැළකුණා.

මම රට භාර ගන්නා විට අපේ විදේශ සංචිත පහළ බැස තිබුණා. භාණ්ඩාගාරයේ මුදල් තිබුණේ නැහැ. මම හැමදාම උදේ කාර්යාලයට ගිහින් නිලධාරින්ව මුණගැහිලා අපිට අමතර රු. මිලියන 100 – රු. මිලියන 200ක් හොයාගන්න පුළුවන් තැනක් බලනවා. අපට විදේශ සංචිත නොතිබූ දින කිහිපයකුත් තිබුණා. එබැවින් මගේ පළමු කාර්යය වූයේ IMF සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹීමයි.

එයට මිල ගැලපීම් අවශ්‍ය වුණා. එය අසීරු කාර්යයක් වුවත් වෙනත් විකල්පයක් තිබුණේ නැහැ.

ඉන්පසුව 2023 මාර්තු 20 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම සදහා අනුමැතිය ලබා දුන්නා. එය 2023 සිට 2026 දක්වා මූල්‍ය ඒකාග්‍රතාවයේ සිව් අවුරුදු වැඩසටහනක් බව සඳහන් කළයුතුයි. එමෙන්ම එම වැඩසටහන තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයේ ද්විත්ව අසමතුලිතතා, මූල්‍ය හිඟය සහ ගෙවුම් ශේෂ හිඟයට ද විසඳුම් දෙනු ලබනවා.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රතිෂ්ඨාපනය කිරීම, ආර්ථික තිරසාරත්වය ළඟා කර ගැනීම අරමුණු කරගත් වැඩපිළිවෙළකට අපි එකඟ වුණා.

මෙම වැඩසටහන මඟින් 2026 වන විට ශ්‍රී ලංකාවේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% දක්වා ඉහළ නැංවීම, ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ රාජ්‍ය වියදම් පාලනය කිරීම සිදු කෙරෙනවා. එමෙන්ම මෙමගින් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් මෙන්ම සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කිරීමට සහ මිල ස්ථායීතාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඉඩ සැලසෙනවා. මෙම පහසුකමෙන් අපට හිමි වූ ඩොලර් බිලියන 3 ට වඩා, IMF ආධාරයේ වටිනාකම බෙහෙවින් වැඩි බව කිව යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සමඟ ඇතිකරගෙන තිබෙන විශ්වාසය, සංවර්ධන හවුල්කරුවන්ගෙන් සහ පොදුවේ ගෝලීය වෙළෙඳ පොළේ මූල්‍ය ප්‍රභවයන් වෙත ප්‍රවේශවීමට උපකාරී වෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ගොඩනැගීම සඳහා එවැනි මූල්‍යකරණයක් අත්‍යවශ්‍යයි.

අපගේ අයවැයේ බාහිර මූල්‍යකරණය ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් මහ බැංකුවේ මුදල් මූල්‍යකරණයේ අවශ්‍යතාවය අඩු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම සඳහා සාකච්ඡා කිරීමට සමගාමීව, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ ප්‍රයත්නයක් ද ආරම්භ කර තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රම පිළිබඳව ණය හිමියන් සමඟ නිවැරදි සාකච්ඡා දැන් ආරම්භ කර තිබෙන අතර, ණය ප්‍රතිසංවිධානය කිරීමේදී ශ්‍රී ලංකාව සිය මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහ අඛණ්ඩතාව ශක්තිමත්ව සහ බාධාවකින් තොරව පවතින බව සහතික කරනු ඇතියි. මෙම සියලු පියවර ගැනීමෙන් පසු 2026 වන විට රටේ ආර්ථිකය ස්ථාවර කරගත හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

කෙසේ වෙතත්, මෙය පමණක් ප්‍රමාණවත් වන්‌නේ නැහැ. වේගයෙන් වෙනස් වන ගෝලීය ආර්ථික අවස්ථාවන් සහ හැකියාවන් ප්‍රයෝජනයට ගැනීමට අපට නොහැකි වීම නිසා පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මඟ හැරී ගොස් තිබෙනවා.

එසේ නම් මෙම වැඩසහන ඉතා තීරණාත්මක එකක්. වර්තමාන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ තරඟකාරීත්වය වැඩි කිරීම, වෙළෙඳ ලිබරල්කරණය ප්‍රවර්ධනය කිරීම, පුද්ගලික ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම, ශ්‍රී ලංකාවේ වර්ධන විභවයන් මුදා හැරීම ,දේශගුණික විපර්යාස වැඩසටහන ක්‍රියාත්මක කිරීම යන කටයුතු තුළින් ශ්‍රී ලංකාව ඉහළ වර්ධන මාවතකට ගෙන එනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

මෙම ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය සහ තිරසාරභාවය රඳා පවතින්නේ රටේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් අතර සංහිඳියාව සඳහා ඇති කැපවීම මතයි. එම අවශ්‍යතාවය ආමන්ත්‍රණය කරන නව දේශපාලන රාමුවක් තුළින් සියලු ජනකොටස් එක්ව කටයුතු කරන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ මාවත විවර කරන බව මගේ විශ්වාසයයි.

රටේ සියලු ජනකොටස් මුහුණ දි සිටින ගැටලු දේශපාලනික වැඩපිළිවෙලක් තුළින් විසඳා ගැනීම තිරසාර සංවර්ධන අරමුණු ජය ගැනීම සඳහා යන ගමනේදී ඉතා වැදගත් වෙනවා. ජාතික සංහිඳියාව පිළිබඳ නොවිසඳී ඇති ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා මම ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද දෙමළ මන්ත්‍රීවරුන් සමඟ මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටිනවා.

ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ දෙමළ සිරකරුවන්ගේ ගැටළුව, ඒ සම්බන්ධ පවතින නීතිමය කටයුතු කඩිනම් කර ඔවුන් නිදහස් කිරීම, ජාතික ඉඩම් කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කිරීම, උතුරු නැගෙනහිර ඉඩම් නැවත මුල් පදිංචිකරුවන්ට ලබා දීම, බලය බෙදීම සම්බන්ධ ගැටලු විසඳීම, මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා ක්‍රියාත්මක කිරීම. ඒ සඳහා අප ගෙන යන වැඩපිළිවෙළේ පියවර කිහිපයක් බව පෙන්වා දිය හැකියි.

මීට අමතරව, දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව නීතියක් සමඟ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් සඳහා නීති සම්පාදනය කරමින් පවතිනවා. මම මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ දෙමළ මන්ත්‍රීවරුන් සමඟ පමණක් නොව, ඩයස්පෝරාවප්‍රජාව සමඟ සම්බන්ධ වීමට අපි වෙනම ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.

නීති සම්පාදනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත, කාන්තා සවිබල ගැන්වීමේ පනත සහ කාන්තා ජාතික කොමිෂන් සභා පනත කෙටුම්පත් කරමින් කාන්තාවන්ට එරෙහි වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට ශ්‍රී ලංකාව සිය දිගුකාලීන කැපවීම මේ වන විට සහතික කර තිබෙනවා. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මෙන්ම කාන්තා සාමය සහ ආරක්ෂක ක්‍රියාකාරී සැලැස්ම ද කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බව සිහිපත් කරන්න කැමතියි.

එමෙන්ම මෙරට තරුණ තරුණියන් තාරුණ්‍යයේ සැබෑ, ක්‍රම වෙනසක් ඉල්ලා සිටියි. පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජනය සඳහා අපි දැනටමත් ප්‍රතිපාදන සලසා තිබෙනවා.

මේ අතර කෙටිකාලීන ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ උපායමාර්ගය සහ අසමතුලිතතාවයන්ගෙන් ඔබ්බට අවධානය යොමු කිරීමේ දී අපි මෙම ඉතා වැදගත් තීරණය ආර්ථික පරිවර්තනය කිරීම, මහා ගෝලීයකරණ සංකල්පය මගින් රවටන ලද 21 වන සියවසේ මැද කාලයේ ඇති වූ සංකීර්ණ හා බහුවිධ මානයන්ගේ අවශ්‍යතාවයන් මෙන්ම දැවැන්ත ඩිජිටල්කරණයේත්, උසස් තාක්ෂණයේත්, තොරතුරු බහුලත්වයේ, ස්වයංක්‍රීයකරණයේත්, කෘතීම බුද්ධියේත්, දේශගුණික විපර්යාස සහ වන අවශ්‍යතාවලට මුහුණදිමට අවස්ථාවක් කරගත යුතුය.

එමෙන්ම මේ සඳහා විවිධත්වය මෙන්ම පශ්චාත් නූතන තත්වයේ අස්ථාවරත්වය පිළිබඳ අවබෝධය, ඉහළ තරගකාරී අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක්, පරිසර හිතකාමී නීල හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් මත පදනම් වූ නව ආර්ථික ආකෘතියක් අවශ්‍ය වෙනවා.

හාවර්ඩ් හි සිටින මහාචාර්ය රිකාඩෝ හවුස්මන් මහතා දැනටමත් ශ්‍රී ලංකා ආර්ථිකයේ තරගකාරිත්වය පිළිබඳ කටයුතු කරමින් සිටින අතර එහි ඉදිරි කටයුතු සඳහා ඔහු ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ඉදිරි වසර 25 දී කලාපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය මධ්‍ය කාලීනව ඉහළ වර්ධන මාවතකට ගෙන ඒමටත්, ආර්ථික වර්ධන වේගය සියයට 7 සිට සියයට 8 දක්වා ඉහළ නංවා ගැනිමටත් අපේක්ෂා කරනවා. අපට මෙය කළ හැකියි.

ඉදිරි වසර දහය දක්වා නව අපනයනවලින් ඩොලර් බිලියන 3 ක වාර්ෂික වර්ධනයක් සහ ඉදිරි වසර දහය සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 3 ක ආයෝජනයක් අපේක්ෂා කෙරෙනවා. එමෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගත හැකි තරගකාරී ශ්‍රම බළකායක්, ඉදිරි වසර දහය තුළ නිර්මාණය කිරීමට අවශ්‍යයි. ඊට ගැළපෙන අයුරින් අපගේ වෘත්තීය පුහුණු සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ වෙනස්කම් සිදු කළ යුතුයි.

එසේම කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය නවීකරණය කළ යුතු අතර එමගින් ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතුයි. සම්ප්‍රදායික සංචාරකයන් පමණක් නොව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය තුළින් නව සංචාරකයන් ආකර්ශණය කර ගැනීමට ද කටයුතු කළයුතු වෙනවා.

හරිත හයිඩ්‍රජන් සඳහා ශ්‍රී ලංකාවේ ඇති හැකියාව අපි සොයා බලමින් සිටිනවා. තවද ඩිජිටල් ආර්ථිකයකට යොමුවීමෙන් සහ ස්වයංක්‍රීයකරණය හඳුන්වා දීමෙන් අපගේ නිෂ්පාදන සහ සේවා කර්මාන්ත දියුණු කර එහි අතිරික්තයක් ලබා ගැනීම අපගේ අරමුණයි.එය වසර දෙකකින් සිදු කළ නොහැකි අතර එය දස වසරක වැඩපිළිවෙළක් වනු ඇත.

මම මීට පෙර සඳහන් කළ යටත් විජිත පාලනයෙන් නිදහස ලබා වසර 100ක් සපිරෙන 2048 වසර වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත් කරන වසර 25 වසරක් වැඩපිළිවෙළක් අප සැලසුම් කර තිබෙනවා. මෙය ඉටුකර ගත නොහැකි කාර්යයක් නොවෙයි.

1977 සිට වසර දහයකින් අපි දැවැන්ත ඉඩම් සංවර්ධන හා ජලාශ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. නමුත් එය පෙර සැලසුම් කර තිබුණේ තිස් වසරක වැඩසටහනක් ලෙසයි. ඒ කාලය තුළ අපි නිදහස් වෙළෙඳ කලාප ගණනාවක් විවෘත කළා. අපනයනය සඳහා කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් ඇති කළා. තවදුරටත් ඒ සියල්ල රඳා පවතින්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වූ කැපවීම මතයි. එහිදී කලාපය තුළ අපගේ උපායමාර්ගික පිහිටීම භාවිතයට ගත යුතුයි.

දකුණු ආසියාවේ ආර්ථික ඒකාබද්ධතාවයක් නොමැතිකම. ඇල්මැරුණු උත්සාහයන් කිහිපයක් හැර, කලාපයේ ආර්ථිකයන් බලගතු වෙ‌ළෙඳ කණ්ඩායමක් බවට ඒකාබද්ධ කිරීමට අවංක දේශපාලන කැමැත්තක් නොතිබීම යන ගැටලු දෙකට අද අපට මුහුණදීමට සිදුව තිබෙනවා

එය වඩාත් සංකීර්ණ වන්නේ ක්‍රමයෙන් හීන වන ඉන්දියා-පකිස්තාන සබඳතාවයි. මෙම තත්ත්වය සමග ඉදිරියට යෑමට නම් ශ්‍රී ලංකාව අසල්වැසි රටවල් සමඟ වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම අවශ්‍ය වෙනවා.

ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළඳ ගිවිසුම ආර්ථික සහයෝගීතා සහ තාක්ෂණික ගිවිසුමක් දක්වා අප වැඩිදියුණු කරගත යුතුයි.

ඉන්දියාව මීළඟ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් වනු ඇති අතර එය දකුණු ආසියාවේ ආර්ථික වර්ධනයට හේතු වෙනවා. සැතපුම් 22 ක් දුරක් තිබෙන ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට අප කටයුතු කළයුතුයි.

ඒ වගේම ආසියාවේ විශාලතම වෙළඳ කණ්ඩායම වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය සමඟ ගිවිසුමකට එළඹීමට අපි කැමැත්තෙන් සිටිමු. එය ලෝකයේ විශාලතම වෙළෙඳ කණ්ඩායම සමග ඉදිරියට යාමට අපට අවස්ථාව සලසන අතර ඒ සඳහා පුළුල් ප්‍රගතිශීලී වෙළෙඳ ගිවිසුමකට එලැඹීමට ද අපි බලාපොරොත්තු වෙනවා.

මේ සමඟ, ශ්‍රී ලංකාව විශාලතම වෙළඳ කණ්ඩායම් තුන වන ඉන්දියාව, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) සහ ට්‍රාරාන්ස් පැසිෆික් හවුල්කාරීත්වය සඳහා වූ විස්තීරණ සහ ප්‍රගතිශීලී ගිවිසුම (CPTPP) සමඟ ඒකාබද්ධ වෙනවා. මෙම කටයුතු සමග ඇතිවන තරඟකාරිත්වය ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව උදාකර ගැනීමට ඉවහල් වෙනවා.

ඉන්දියන් සාගරයේ දැවෙන ප්‍රධාන බල තරඟය අප සැලකිල්ලට ගත යුතු දෙවන උපක්‍රමශීලී මාතෘකාවයි. අප සෑම විටම සිය දේශපාලන ස්වාධීනත්වය පවත්වා ගෙන යන අතර, ඉන්දියාව කලාපයේ දළ ආරක්ෂක සැපයුම්කරු ලෙස සලකනු ලබනවා. ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා සහ දීර්ඝතම සබඳතා ඇති රට ඉන්දියාවයි.

ආසියා පැසිෆික් කලාපයේ විශේෂයෙන්ම තායිවානයේ ප්‍රශ්න ඉන්දියන් සාගරයට කාන්දු නොවීමට වගබලා ගැනීම ශ්‍රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත් වෙනවා.

අපි කුඩා රටක්. ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී දැවෙන ප්‍රධාන බල තරඟය අප සැලකිල්ලට ගත යුතු දෙවන උපක්‍රමශීලී මාතෘකාවයි. අප සෑම විටම සිය දේශපාලන ස්වාධීනත්වය පවත්වා ගෙන යන අතර, ඉන්දියාව කලාපයේ දළ ආරක්ෂක සැපයුම්කරු ලෙස සලකනු ලබනවා. ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා සහ දීර්ඝතම සබඳතා ඇති රට ඉන්දියාවයි.

ආසියා පැසිෆික් කලාපයේ විශේෂයෙන්ම තායිවානයේ ප්‍රශ්න ඉන්දියන් සාගරයට කාන්දු නොවීමට වගබලා ගැනීම ශ්‍රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත් වෙනවා.

අපි කුඩා රටක්. ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් ඇති, නොබැඳි විවෘත ආර්ථිකයක් සහිත, පැරණි ආර්ථිකයේ අළු මතින් නැඟී එන ආසියානු කලාපයේ සහ ඉන්දියානු සංවර්ධනය සමඟ අත්වැල් බැඳගෙන නව ආර්ථිකයක් ගොඩ නැගීමේ කාර්යභාරය අප ඉදිරියේ තිබෙනවා. එය දුෂ්කර කාර්යයක් විය හැකි නමුත් එය කළ නොහැකි කාර්යයක් නොවේ.

මහ බලවතුන්ගේ එදිරිවාදිකම් හෝ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට විවෘත වන ඉන්දියානු වෙළෙඳ පොළ ප්‍රවේශය හෝ අප්‍රිකානු වෙළෙඳ පොළ විවෘත වීමට බාධා ඇති විය නොහැකියි.

ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය අතර මෑතකදී පිහිටුවන ලද “Aukus” ගිවිසුම, චීනය සහ ක්වාඩ් අතර තරගය වඩාත් තීව්‍රර කර තිබෙනවා.

ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් ඉදිරි දර්ශනයට ශ්‍රී ලංකාව එකඟවන අතර ඉන්දු පැසිෆික් කලාපය එකිනෙකට වෙනස් සාගර දෙකකින් සමන්විත වනවා. ඉන්දියන් සාගරයේ නාවික යාත්‍රා කිරීමේ නිදහස සහ මුහුද යට කේබල්වල ආරක්ෂාව සඳහා අපේ රට කැපවී සිටින බැවින් ආසියා පැසිෆික් කලාපයේ විශේෂයෙන්ම තායිවානයේ ප්‍රශ්න ඉන්දියන් සාගරයට කාන්දු නොවීමට වගබලා ගැනීම ශ්‍රී ලංකාවේ අනාගතයට අත්‍යාවශ්‍ය වෙනවා.

ශ්‍රී ලංකාව ඉදිරි වසර 25 තුළ ඉන්දියන් සාගරයේ සෙසු රටවල් සහ දකුණු ආසියාව සමඟ එක්ව ඉදිරියට යමින් දැවැන්ත සංවර්ධන ඉලක්කයක් සපුරාගනු ඇති හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan