IMF ගිවිසුම වෙනස් කළොත් ඒ අයට සති දෙකක්වත් ආණ්ඩු කරන්න බෑ – බන්දුල

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම වෙනස් කරන බව කියන දේශපාලන පක්ෂවලට සති දෙකක්වත් ආණ්ඩු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන විස්තීර්ණ ණය ගිවිසුම කවුරුහරි කෙනෙක් වෙනස් කරනවා කියනවා නම් එවැනි කෙනෙකුට සති දෙකක්වත් ආණ්ඩු කරන්න පුළුවන්කමක් නෑ. මොකද මේ අපි ණය ලබාගෙන තිබෙන්නෙත් ණය ආපසු ගෙවීම පිළිබඳ සාකච්ඡා පවත්වන්නෙත් ණය ගිවිසුම් ඇතිකර ගන්නෙත් ශ්‍රී ලංකා ආණ්ඩුව වශයෙන් මිසක් රනිල් වික්‍රමසිංහ හෝ වෙන කිසියම් පුද්ගලයෙක් වශයෙන් නෙවෙයි. ශ්‍රී ලංකා ආණ්ඩුව කියපුවාම ඉන්න ආණ්ඩුව වගේම ඇතිකරගත් එකඟතා පිළිබඳව මතුමත්තේ එන හැම ආණ්ඩුවක්මත් ඒ වගකීමට ඒ ආකාරයෙන්ම බැඳෙනවා. කවුරුහරි කෙනෙක් කියනවා නම් මේවාට පයින් ගහලා අපට ඕන විදියට වෙනස් කරන්න පුළුවන් කියලා, ඒක ජනසතු කළ නොහැකි මෝඩකමක්. මේ අය මේ ප්‍රකාශය කරන එක හොඳයි, මොකද එතකොට ජනතාවට තේරෙනවා මේ අයට දේශපාලනයක් කරන්න පුළුවම්, ප්‍රචණ්ඩත්වයක් දියත් කරන්නත් පුළුවන්, උද්ඝෝෂණ පිකටිං කරන්නත් පුළුවන් හැබැයි රටක් ආණ්ඩු කරන්න බෑ කියලා”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...