වහාම බඳවා ගැනීම කඩිනම් කරන්න – සමසෞඛ්‍ය උපාධිධාරීන් විරෝධතාවේ(PHOTO STORY)

කොළඹ LNW: රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් බිහිවන සියලුම සම සෞඛ්‍ය උපාධිධාරීන් වහාම රජයේ සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් අද (27) කොළඹදී විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් එය සංවිධානය කර තිබුණි.

කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පා ගමනින් පැමිණ අමාත්‍යංශය ඉදිරිපිටදී ඔවුන් විරෝධතාව දක්වන ලදී.

වහාම සීමාවාසික පුහුණුව ලබා දී පොරොන්දු වූ පරිදි බඳවා ගැනීම් සිදුකරන ලෙසයි ඔවුන් එහිදී බලකළේ.

රජය සේවයට බඳවා ගැනීම වෙනුවෙන් හඳුන්වා දී තිබෙන විභාග ක්‍රමවේදය වහාම අහෝසි කරන ලෙසද විරෝධතාකරුවන් අවධාරණය කළේය.

එමෙන්ම මෙම ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නියැලෙන බවද ඔවුන් පවසන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...