වහාම බඳවා ගැනීම කඩිනම් කරන්න – සමසෞඛ්‍ය උපාධිධාරීන් විරෝධතාවේ(PHOTO STORY)

Date:

කොළඹ LNW: රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියෙන් බිහිවන සියලුම සම සෞඛ්‍ය උපාධිධාරීන් වහාම රජයේ සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් අද (27) කොළඹදී විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් එය සංවිධානය කර තිබුණි.

කොළඹ විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිට සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පා ගමනින් පැමිණ අමාත්‍යංශය ඉදිරිපිටදී ඔවුන් විරෝධතාව දක්වන ලදී.

වහාම සීමාවාසික පුහුණුව ලබා දී පොරොන්දු වූ පරිදි බඳවා ගැනීම් සිදුකරන ලෙසයි ඔවුන් එහිදී බලකළේ.

රජය සේවයට බඳවා ගැනීම වෙනුවෙන් හඳුන්වා දී තිබෙන විභාග ක්‍රමවේදය වහාම අහෝසි කරන ලෙසද විරෝධතාකරුවන් අවධාරණය කළේය.

එමෙන්ම මෙම ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක නියැලෙන බවද ඔවුන් පවසන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...

රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පැය 24ක් තුල...

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට පැය 72ක රැඳවුම් නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: අත්අඩංගුවට ගෙන සිටින හිටපු...