රුපියල යළි අවප්‍රමාණය වෙයි!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගයේ සුළු අවප්‍රමාණය වීමක් අද (27) දින සිදුව ඇති බව වාර්තා වෙයි.

මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විදේශ විනිමය අනුපාත අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 314.82 ලෙසත්, විකුණුම් මිල රු. 332.58 ලෙසත් සටහන් වෙයි.

ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස අධිප්‍රමාණය වීම හමුවේ විවිධ මත පළවූ අතර, පසුව එහි ක්‍රමක්‍රමයෙන් අවප්‍රමාණය වීමක් පසුගිය කාලය පුරාවටම දිස් විය. ඉන් අනතුරුව, නැවත වරක් සුළු වශයෙන් අධිප්‍රමාණය හා අවප්‍රමාණය මාරුවෙන් මාරුවට වෙමින් අපැහැදිලි තත්ත්වයක් එහි පෙන්නුම් කළ අතර, අද වන විට එහි නැවත වරක් සුළු අවප්‍රමාණය වීමක් වාර්තා වී තිබේ.

මේ අතර, කළු වෙළඳපොල තුළ ඇමරිකානු ඩොලරය ඉහළ අගයන්වලට විකිණෙන බව ද ආරංචිමාර්ග සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...