*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

වතු කම්කරුවා කුඩා තේ වතු හිමියකු බවට පත් කිරීම අපේ අරමුණයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

රටට ඩොලර් ගෙන එන ‘වතු ප්‍රජාව’ මෙතෙක් හැඳින්වූයේ ‘වතු කම්කරු ප්‍රජාව’ ලෙස වුවත් සමගි ජන බලවේගය රටට ඩොලර් ගෙන එන මෙම ජනතාව ‘උඩරට ප්‍රජාව’ ලෙස ගෞරවාන්විතව හැඳින්වීම මීට වසර ගණනාවක පෙර සිට සිදු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වචන වෙනසක් කිරීමකින් තොරව සමගි ජන බලවේගයෙ ප්‍රතිපත්තිය වී ඇත්තේ උඩරට වතු ආශ්‍රිතව ජීවත් වන ප්‍රජාව ‘ලැයින් කාමරවල ජීවත් කරමින් වතු කම්කරුවා යන ප්‍රතිපත්තියේ තබා ගැනීම නොව’ කුඩා තේ වතු හිමිකරුවන් බවට පත් කිරීම බවත් මෙම ප්‍රජාව රටේ පුරවැසියන් වීමේ අයිතිය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ලබා දුන්නා සේ ඉඩම් හිමිකමත් ලබා දී ස්වෝත්සාහයෙන් තම ජීවිකාව ගෙන යන කුඩා ‘තේ වතු ප්‍රජාවක්’ බිහි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 135 වැනි අදියර යටතේ රත්නපුර පැල්මඩුල්ල ශ්‍රී ක්‍රිෂ්ණ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට ඊයේ (27) එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

විරැකියාවෙන් පෙළෙන තරුණයන්ට වගා නොකරන ඉඩම්

වතු ආශ්‍රිත ජනතාව පමණක් නොව මෙරට රැකියා අහිමි වී ඇති තරුණ ප්‍රජාවක් සිටින බවත් ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව මෙම විරැකියාවෙන් පෙළෙන තරුණ ප්‍රජාව සඳහා ද වගා නොකළ භූමි භාගයක් ලබා දී නව කෘෂි තාක්ෂණය තුළින් වැඩි ඵලදාවක් ලබා ගන්නා කෘෂිකර්ම රටාවකට යොමු කරනා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බැහැයි කියලා දෙයක් නැහැ

මුහුදු මට්ටමින් පහළ ඇති නෙදර්ලන්තය, මහා කාන්තාර පවා සරුසාරු බිම් බවට පත් කර ඊශ්‍රාලයට එවැනි දෙයක් කළ හැකි නම් ස්වාභාවධර්මයේ දායාද ලැබී ඇති අප රටේ භූමිය උපයෝගී කර ගෙන වඩා වැඩි ඵලදාවක් ලබා ගත හැකි බවත් ‘බැහැයි කියා දෙයක් නොමැති’ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

උඩරට වතු ප්‍රජාව නිසා තමයි අදටත් රට හුස්ම ගන්නේ

කළු ජාතිකයකු වූ බැරැක් ඔබාමා සුළුතර කළු ජාතික ජන කොටසක් වෙසෙන ඇමෙරිකාව නියෝජනය කරමින් ජනාධිපති වූවා නම් උඩරට වතු ප්‍රජාව වීම ගැන දුක් නොවී ඒ ගැන ආඩම්බර වන ලෙසත් අදටත් අප රට යම් ප්‍රමාණයකට හෝ හුස්ම ගන්නේ වතු ක්ෂේත්‍රයේ කම්කරු ප්‍රජාව සිදු කරන කැපකිරීම නිසා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රාමුවෙන් පිට පැන තීරණ ගත යුතුයි

මෑත ඉතිහාසයේ කිසිදු දිනක අප රට බංකොලොත් නොවූ බවත් මෙය අසාමාන්‍ය දෙයක් බවත් මේ සඳහා සාම්ප්‍රදායික දේවල් අවශ්‍ය නොවන බවත් එක රාමුවක් මත කොටු වී තීරණ නොගෙන රාමුවෙන් පිට පැන තීන්දු තීරණ ගත යුතු බවත් බංකොලොත් අප රටට නව පණක් නව ගමනක් නව දර්ශනයක් හා වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

අපි ගාව බෝඩ් ලෑල් ජාතික පාසල් නැහැ

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය රුපියල් ලක්ෂ 20ක් ලබා දී බෝඩ් ලෑලි ජාතික පාසල් බිහි කිරීම නොවන බවත් එසේ ලක්ෂ 20ක් ලබා දී බෝඩ් ලෑලි එල්ලනවාට වඩා එම ලක්ෂ 20න් පාසලකට සුහුරු පන්තිකාමර 2ක් ලබා දිය හැකි බැවින් මෙවැනි බෝඩ් ලෑලි ජාතික පාසල් යන සංකල්පයෙන් බැහැරව සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහ්න යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 135ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1358ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan