රාජපක්ෂලාට ගහන හැම ගලකටම චියර් කිරීමට පෙර පෙර සිතා බලන්න …

Date:

මේ දිනවල ආන්ඩුවට විවේචකයන් බොහෝය. ඒ හැමෝටම හුරේ දාන බොහෝදෙනෙකු තේරුම් නොගන්නා කරුණ නම් විනාශකාරීම මැදිහත්වීම කිරීමට නියමිත විමල්, ගම්මන්පිල හවුල විසින් බවය.

රාජපක්ෂලාගේ අර්බුදය තුල සිදුකිරීමට බලකෙරී ඇති ප්‍රතිසංස්කරණ

*රට තුල මූල්‍ය විනයක් ඇතිකිරීම

*ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගීම

*දමිල ජනයාගේ ඉල්ලීම් ක්‍රියාවට නැගීම.

මේ ක්‍රියාවලිය සදහා රාජපක්ෂලාට බලකිරීම හෝ ඔවුන් එලවා දමා මෙම ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරිපත්වී ඇති නායකයන් වන්නේ,

*සජිත් ප්‍රේමදාස
*අනුර කුමාර
*චම්පික රණවක
*රනිල් වික්‍රමසිංහ

විමල්ලාගේ මැදිහත්වීමෙන් මේ අයට වන බලපෑම.

*අනුර කුමාර (2004දී චම්පිකලාගේ මැදිහත්වීම විසින් ජවිපෙද ඔවුන් සිටි ජාතිකවාදී සීමාවේ සිට තව තවත් ජාතිවාදයට තල්ලුවූවාක් මෙන්, විමල්ලාගේ මැදිහත්වීම විසින් අනුරට ජාතිකවාදයෙන් සහ පුහු බටහිර විරෝදයෙන් ගැලවීමට නොහැකිවීම.

*රනිල්ට දුර්වලවී ඇති රාජපක්ෂලා ප්‍රතිසංස්කරණ මාවතට ගෙන ඒමට නොහැකි කරවන අභ්‍යන්තර කැරැල්ලක් නිර්මානය කිරීම.

*චම්පිකට සියලු විපක්ෂ පාර්ශවයන් (සජිත් හැර) එක්කිරීමට නොහැකිවන අර්බුදයක් ඇතිකිරීම.
*සජිත්ට මතයක් නොමැති නිසා විමල්ලාගේ මැදිහත්වීම අදාල නැත.

සිදුවී ඇති විනාශයෙන් ගොඩවීමට ඇති අවම විභවය පවා අවුරන විමල්ලාගේ නාටකය කලින්ම හදුනාගෙන පරාජය කිරීම ඉතා තීරණාත්මකය. රාජපක්ෂලාට එරෙහිව ගහන හැම ගලකටම චියර් කිරීමට පෙර සිතාබලන්න.

  • වරුණ දීප්ති රාජපක්ෂ FB

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...