රනිල් අගමැති කරන්න තරං මොළේ අමාරුවක් අපිට නෑ – පොහොට්ටුව

Date:

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්කර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පොදුජන පෙරමුණු කාර්යාලයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

අගමැති තනතුර සඳහා සුදුසුම පුද්ගලයා මේ වනවිට එම තනතුරට පත්කර ඇති බවත්, ඔහුට වඩා සුදුසු කිසිවෙකුත් නොමැති බවත් පොහොට්ටු ලේකම්වරයා පවසනවා.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ජාතික ආණ්ඩු ගොඩනැගීමට තරම් පක්ෂයට බංකොලොත් වී නොමැති බවයි. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනක් දිනා ගැනීමට හෝ නොහැකි තත්වයට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂයේ නායකයා අගමැති තනතුරට පත් කිරීමට තරම් මොළේ අමාරුවක් තම පක්ෂයේ කිසිදු පුද්ගලයෙකුට හෝ තිබෙනවා යැයි තමා විස්වාස නොකරන බවද ඇමතිවරයා ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...