සමහරු සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළේ කැබිනට් පට්ටමක් දුන්නෙ නැති නිසා – සී.බී. රත්නායක

Date:

ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන ඇතැම් දේශපාලන කණ්ඩායම් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කළේ රටට වඩා පෞද්ගලික අරමුණු, ලාබ ප්‍රයෝජනවලට මූලිකත්වය දීම නිසා බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා.

ඔවුන්ගේ එකම අරමුණ රට, ජනතාව බේරා ගැනීම නොව කැබිනට් ඇමති පට්ටමක් ලබා ගැනීම බවයි ඇමතිවරයා අද පැවති මස්කෙලිය ආසනයේ පොදුජන පෙරමුණු තරුණ බල මණ්ඩල රැස්වීම අමතමින් සඳහන් කළේ.

කැබිනට් ඇමති තනතුරක් ලබා දුන්නේ නම් ඔවුන් කිසිදු ගැටලුවක් නොමැතිව සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වනු ඇති බවද රත්නායක මහතා පවසනවා.

දේශපාලන වශයෙන් කුමන මතභේද පැවතියද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වී පක්ෂයේ යෝජනා ඉදිරිපත් කිරීම පැසසිය යුතු බවත්, ඔහු සමුළුව වර්ජනය කළ සියලු පාර්ශ්වවලට ආදර්ශයක් බවත් සී.බී. රත්නායක මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...

නන්දන ගුණතිලක නික්ම යයි !

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපතිවරණ අපේක්ෂකයකු සහ හිටපු පාර්ලිමේන්තු...

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...