කුරුණෑගල විතරක් රිලව් ලක්ෂයකට එහා ඉන්නවා. රටේම රිලව් ගනින්න ගියේ රු. ලක්ෂ 24 යි – ඇමති නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගියදා පැවති වගා හානිකරන සතුන් පිළිබඳ සංගණනයේ පත්‍රිකා මුද්‍රණය හා ප්‍රවාහන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 24ක පමණ මුදලක් වැය වුණු අතර අනෙකුත් සියලුම කටයුතුවලට කිසිදු මුදලක් වැය නොවුණු බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇවිල්ලා තියෙන තොරතුරු අනුව ලක්ෂයකට එහා ප්‍රමාණයක් රිලව් ඉන්නවා. දඬු ලේන්නුත් ඊට එහා ප්‍රමාණයක් ඉන්නවා, මොනරුත් ඊට එහා ප්‍රමාණයක් ඉන්නවා, වඳුරො නම් ලක්ෂයකට අඩු ප්‍රමාණයක් ඉන්නෙ. කොහොමත් විශාල ප්‍රමාණයක් සත්තු ඉන්නවා. මුළු ඉලක්කම මම මෙතන කියන්නෙ නෑ දැන්, කොහොමත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුළු සත්තු ප්‍රමාණය මිලියනයකට එහා ප්‍රමාණයක් ඉන්නවා රිලව්, වඳුරො, දඬු ලේන්නු, මොනරු. මේ සමීක්ෂණ කටයුත්තට සම්බන්ධ වුණ ජනතාව, නිලධාරීන්, සියලුම දෙනාම ස්වේච්ඡාවෙන් මැදිහත් වුණේ. අපි ඒකට බොහොම ස්තූතිවන්ත වෙනවා. මේ සඳහා ගිය වියදම් ගැන එක එක කතන්දර ගියා පත්‍රිකාව විතරක් කෝටි හතක් ගියා කියලා. මේ පත්‍රිකා ලක්ෂ 70 යි ගැහුවෙ. එක පත්‍රිකාවකට ගියෙ ශත 30යි. ඒ නිසා ඒ පත්‍රිකා ටික ප්‍රවාහනය කිරීමේ වියදමයි, පත්‍රිකා මුද්‍රණය කෙරුවේ රජයේ මුද්‍රණාලයේ – මේ තොරතුරු ඕනෙ නම් ගන්න පුළුවන් – ලක්ෂ 24ක වාගෙ වියදමක් තමයි මේ සඳහා ගිහිල්ලා තියෙන්නෙ. අනෙක් සියලුම කටයුතු අපෙ ප්‍රජාව, නිලධාරීන්, ඒ සියලුම දෙනාම ස්වේච්ඡාවෙන් තමයි දායක වුණේ”

නාමල් කරුණාරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති කමිටු රැස්වීමකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...