UNFPA වෙතින් ශ්‍රී ලංකාවට සුබ පැතුම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල – UNFPA විසින් ප්‍රතිපත්ති, ආයතනික සහ වෘත්තීය මට්ටම්වලදී ශක්තිමත් ජාතික ඇගයීම් හැකියාවන් වර්ධනය කිරීමේ ජයග්‍රහණ පිළිබඳව ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක්කළහ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඇගයීම් කාර්යාලයේ අධ්‍යක්ෂ මාර්කෝ සෙගොන් මහතා ඇතුළු එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නිලධාරීන් දූත පිරිසක් ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

විශේෂයෙන් රාජ්‍ය අංශයේ ඇගයීම් ප්‍රවර්ධනය කිරීමේ දී UNFPA නියෝජිත පිරිස ජනාධිපති වික්‍රමසිංහගේ නායකත්වය පැසසුමට ලක් කළ අතර, ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගවලට මුහුණ දීම සඳහා එය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ඔවුහු පැවසූහ.

අනෙකුත් ජාතීන් හා සසඳන විට ශක්තිමත් ජාතික ඇගයීම් හැකියාවන් වර්ධනය කිරීමේ ශ්‍රී ලංකාවෙහි සැලකිය යුතු ප්‍රගතිය UNFPA නියෝජිතයන් විසින් පිළිගනු ලැබීය. මේ හේතුවෙන් ඊට අදාළ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුමත කිරීමේ දී ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ නායකත්වය ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සහතික කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස පිළිගනිමින් UNFPA නියෝජිතයෝ එය අගය කළහ.

විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම යන ක්ෂේත්‍රවල තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වගවීම සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමේදී එහි ඇති වැදගත්කම හඳුනා ගනිමින්, රට තුළ ජාතික ඇගයීම් හැකියාව වර්ධනය කිරීමට සහය දැක්වීමට සිය කැපවීම සංචාරයට පැමිණි UNFPA නියෝජිත පිරිස ප්‍රකාශ කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...