කොළොන්නාව නිමාවෙන් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට අයත් කොළොන්නාව නිමාවෙන් ඉන්ධන නිකුත් කිරීම අද (28) දහවල් අත්හිටවනු ලැබූයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙනි.

ඛනිජ තෙල් පොදු සේවක සංගමය අද පස්වරුවේ ප්‍රකාශ කළේ, මෙම වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, ඒ වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛනිජ තෙල් සේවකයින් සත්‍යග්‍රහයක් ආරම්භ කළේ, ඊයේ (27) උදෑසනයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සේවාව සපයන ඉහළ ආදායම් තත්ත්වයක් ඇති ඉන්ධන පිරවුම්හල් 600ක් පමණ විදේශිය සමාගම් 4කට ලබාදීමට සැරෙසන බව වෘත්තීය සමිති පෙන්වා දෙන අතර එය වහා නවතන ලෙස සත්‍යග්‍රහය ආරම්භ කරමින් සේවකයින් ඉල්ලා සිටී.

තවද, වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් අද (28) බලධාරීන් සමග සාකච්ඡාවක නිරත වූ අතර එය අසාර්ථක වීමෙන් පසු වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ,ඒ හේතුවෙන් තෙල් නිකුත් කිරීමේ කටයුතු ද අඩාල වී තිබේ.

එබැවින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසළ අද (28 ) පස්වරුවේ දිගු පෝලිම් දක්නට ලැබුණි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසේ උපුටා දැක්වීම: Google හි CEO සුන්දර් පිචායි ගෙන් ජීවිතයට ඔවදනක්! 

සටහන – පුලී ජනවාරි 23, කොළඹ (LNW): තාක්ෂණය ගොඩනඟන විට...

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...