*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

පොහොට්ටුවට ජනාධිපති අපේක්ෂකයෙක් නෑ. රනිල්වම තමයි දිනවන්න ඕනෑ – ප්‍රසන්න

තමන් ඇතුළු ඇමතිවරුන්ට වැඩකිරීමට බැරිකමක් නොමැති බවත් එදා ප්‍රශ්නය වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුර්වලකම බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපතිවරයා වශයෙන් පත්කරගැනීමෙන් අනතුරුව ඒ මහතා සමග වැඩකරමින් රට ස්ථාවර කිරීමට තමන් ඇතුළු ඇමති මණ්ඩලයට හැකිවුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“මම අදත් කියන්නේ ජනාධිපතිවරණයකට යන්න ඕනේ. මේ අභියෝග භාර ගන්න පුළුවන් රටේ ආර්ථිකය ගොඩ නැගූ නායකයා විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා ජයග්‍රහණය කරන්න ඕනේ කියලා. පාර්ලිමේන්තු මැතිවරණයකට වඩා ජනාධිපතිවරණයකට යන්න කියන්නේ කාටවත් ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්න බැරි වෙනවා. එතකොට රට අරාජික වෙනවා. පකිස්ථානයට වෙච්ච දේ ලංකාවට වෙන්න ඉඩ තියෙනවා. එතකොට වෙන්නේ රටේ මිනිස්සු දුක් විදින එකයි. රට ගැන හිතලයි අපි තීන්දු ගන්න වෙන්නේ. ජනතාව ගැන හිතලා තීන්දු ගන්නවා නම් අපි කණ්ඩායම පාර්ලිමේන්තු ගිහින් අස්ථාවර ආණ්ඩු හදනවාට වඩා කවුරු හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ තුන් දෙනාද හතර දෙනාද දිනන කෙනා ආණ්ඩුවක් පිහිටුවලා රට ගිනියන්න ඕනේ. අපි එහෙමනේ ගෝඨාභය මහත්තයා දින්නා, අපි ආණ්ඩුවක් ගත්තා, අපි අසමත් වුණා, මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කළා. දැන් අපි ආණ්ඩුවක් හැටියට මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක වැඩ කරලා රට ස්ථාවර කළා. අපිට වැඩ කරන්න බැරි කමක් නෙමෙයි, අපිට පුළුවන්. රටේ නායකත්වය හා තීන්දු ගැනීමේ අර්බුදය තමයි තිබුණේ. තීන්දු ගැනීම දැන් සිද්ධ වෙනවා. ඉදිරි මැතිවරණයේදීත් මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා දින්නොත් ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දෙන්න ඕනේ. වෙන කවුරු හරි දින්නොත් ඒ කෙනාට ආණ්ඩුව පිහිටුවන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට රට අරාජික වෙන්නේ නෑ. රට තමයි අංක එක. පක්ෂය තමයි අංක දෙක වෙන්නේ. රටේ මිනිස්සු වෙනුවෙන් ගන්න ඕනේ තීරණ ගන්න ඕනේ”

ප්‍රශ්නය – ඔබතුමා විශ්වාස කරනවාද මේ වෙලාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු කෙනෙක් නෑ කියලා ?

පිළිතුර – “මට පේන මානෙක නම් කෙනෙක් නෑ”

ප්‍රශ්නය – විශ්වාසයෙන්ද කියන්නේ ?

පිළිතුර – “මාධ්‍යයට බොරු කියනවැයි”

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව පැවසුවේ ඊයේ (28) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan