කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුට අමානුෂික ලෙස පහරදීලා !

කෑගල්ල රෝහලේ සේවය කරන දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකුට ඊයේ (මාර්තු 28) රෝහල් පරිශ්‍රය තුළදී පුද්ගලයකු විසින් පහරදීමක් සිදුකර තිබේ.

මෙම පහරදීමට විරෝධය පළ කරමින් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම දන්ත වෛද්‍යවරුන් ඊයේ පස්වරුවේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණු අතර එම වැඩර්ජනය අද (29) දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක ය.

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ මෙම සිදුවීම එක් හුදෙකලා සිදුවීමක් ලෙස තමන් නොදකින බවත් මෙම සිදුවීම හා මෑත කාලයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉලක්ක කරගනිමින් රෝහල් තුළ සිදුවූ සිදුවීම් සහ සමාජ මාධ්‍ය යොදාගෙන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් කෙරෙහි ජනතාව කුපිත කරවීම, කෘතීමව ඇතිකරන ලද ක්‍රියාවලියක ප්‍රතිඵල ලෙස තමන් දකින බවත් ය.

එසේම සමාජ මාධ්‍ය යොදා ගනිමින් වෛද්‍යවරුන් හා සමස්ත කාර්ය මණ්ඩලය කෙරෙහි වෛරය පැතිරවීමේ කුමන්ත්‍රණය නැවැත්වීමට වහාම රජය මැදිහත් විය යුතු බවත් එම සංගමය සිය නිවේදනයෙන් අවධාරණය කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...