චාමර සම්පත් නැති එකෙන් පුටුව ජන්ද සටන කොට උඩ!

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතවීම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ජන්ද විමසීමට අදාළ පූර්ව ප්‍රචාරක කටයුතු අඩපණ වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන්නේ පොදුජන එක්සත් පෙරමුණෙන් වන අතර එහි බදුල්ල දිස්ත්‍රික්කයේ නිසි බලයලත් නියෝජිතයා ලෙස චාමර සම්පත් මහතා කටයුතු කරයි.

ඒ අනුව මැතිවරණ කාර්යාල විවෘත කිරීමට පවා බලයලත් නියෝජිතයාගේ අත්සන අවශ්‍යව ඇති හෙයින් බදුල්ල දිස්ත්‍රික්කයට එම කටයුත්තට ද බාධා එල වී තිබේ.

පවතින තත්ත්වය මත ඔහු රක්ෂිත බන්ධනාගාර ගතවීම නිසා එම කටයුතු නිසි ලෙස කරගැනීමට නොහැක්ව විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුව ඇති බවයි අලගියවන මහතා පවසන්නේ.

චාමර සම්පත් මහතා බදුල්ල දිස්ත්‍රක්කයේ බලයලත් නියෝජිතයා පමණක් නොව පොදුජන එක්සත් පෙරමුණේ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කරයි.

එම නිසා මතුව තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වය ගැන මැතිවරණ කොමිසම සමඟ සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගත් බවද අලගියවන්න මහතා කියාසිටියි.

”දේශපාලන පළිගැනීමක් විදිහට අපි මේක දකින්නේ. අධිකරණය ගැන විශාල විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා අධිකරණය තුළින් නිසි සාධරණය ඉටු වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා.” යනුවෙන් අලගියවන්න මහතා තවදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...