චාමර සම්පත් නැති එකෙන් පුටුව ජන්ද සටන කොට උඩ!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගතවීම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ජන්ද විමසීමට අදාළ පූර්ව ප්‍රචාරක කටයුතු අඩපණ වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන්නේ පොදුජන එක්සත් පෙරමුණෙන් වන අතර එහි බදුල්ල දිස්ත්‍රික්කයේ නිසි බලයලත් නියෝජිතයා ලෙස චාමර සම්පත් මහතා කටයුතු කරයි.

ඒ අනුව මැතිවරණ කාර්යාල විවෘත කිරීමට පවා බලයලත් නියෝජිතයාගේ අත්සන අවශ්‍යව ඇති හෙයින් බදුල්ල දිස්ත්‍රික්කයට එම කටයුත්තට ද බාධා එල වී තිබේ.

පවතින තත්ත්වය මත ඔහු රක්ෂිත බන්ධනාගාර ගතවීම නිසා එම කටයුතු නිසි ලෙස කරගැනීමට නොහැක්ව විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුව ඇති බවයි අලගියවන මහතා පවසන්නේ.

චාමර සම්පත් මහතා බදුල්ල දිස්ත්‍රක්කයේ බලයලත් නියෝජිතයා පමණක් නොව පොදුජන එක්සත් පෙරමුණේ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කරයි.

එම නිසා මතුව තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වය ගැන මැතිවරණ කොමිසම සමඟ සාකච්ජා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගත් බවද අලගියවන්න මහතා කියාසිටියි.

”දේශපාලන පළිගැනීමක් විදිහට අපි මේක දකින්නේ. අධිකරණය ගැන විශාල විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා අධිකරණය තුළින් නිසි සාධරණය ඉටු වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා.” යනුවෙන් අලගියවන්න මහතා තවදුරටත් සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...