පරීක්ෂණ කට්ටල හිගයි – ජාතික රෝහලේ පරීක්ෂණ සීමා කරයි

Date:

කොළඹ ජාතික රෝහල තුළ සිදු කරන පරීක්ෂණ සීමා කරන ලෙස රෝහල් පරිපාලනය, සියලු අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා. පරීක්ෂණ කට්ටල හිගවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය පරීක්ෂණ පමණක් රෝහල තුළ සිදු කරන අතර දෛනිකව සිදු කරන පරීක්ෂණ විශාල ප්‍රමාණයක් අත්හිටුවීමට සිදුව තිබේ.

රට මුහුණ දී සිටින දැවැන්ත ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මේ නිසා රෝගීන්ගේ පරීක්ෂණ සඳහා අවශ්‍ය පරීක්ෂණාගාර කට්ටල ආනයනය කිරීමටද නොහැකි වී තිබේ.

මීට පෙර වාර්තා වී තිබුණේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේද පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි. කෙසේ නමුත් මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත කඩිනමින් එම රෝහලේ පරීක්ෂණ කටයුතු යළි ආරම්භවීමට නියමිතව තිබිණි.

ආනයනය අර්බුදය හේතුවෙන් මේ වනවිට දැඩි ඖෂධ හිගයක්ද රටතුළ මතුව තිබේ. මේ නිසා අත්‍යවශ්‍ය ඖෂධ පවා හිග වී ඇති බවයි ඖෂධ ආනයනකරුවන් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිවාස ආධාරය ගන්න නිර්දේශය දෙන්න 50,000ක් ඉල්ලලා. තවත් රජයේ නිලධාරියෙක් අල්ලස් දැලේ!

කොළඹ LNW: ගාල්ල, නිවාස සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිවාස (තාක්ෂණික)...

කලින්ම ජීවිතයට සමු දුන් හිටපු බොක්සිං ලෝක ශූර  Ricky Hatton!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු බොක්සිං ලෝක...

පොලීසිය දැන් කුඩු දාලා අපේ අයව අල්ලනවා – පොහොට්ටු ලේකම්ගෙන් පොලීසියට බරපතල චෝදනාවක්!

කොළඹ LNW: පොලීසිය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ...

හිටපු නාවික හමුදාපතිට එරෙහි අභියාචනා පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : පසුගිය සමයේ තරුණයින්...