පරීක්ෂණ කට්ටල හිගයි – ජාතික රෝහලේ පරීක්ෂණ සීමා කරයි

Date:

කොළඹ ජාතික රෝහල තුළ සිදු කරන පරීක්ෂණ සීමා කරන ලෙස රෝහල් පරිපාලනය, සියලු අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා. පරීක්ෂණ කට්ටල හිගවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.

ඒ අනුව අත්‍යවශ්‍ය පරීක්ෂණ පමණක් රෝහල තුළ සිදු කරන අතර දෛනිකව සිදු කරන පරීක්ෂණ විශාල ප්‍රමාණයක් අත්හිටුවීමට සිදුව තිබේ.

රට මුහුණ දී සිටින දැවැන්ත ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර මේ නිසා රෝගීන්ගේ පරීක්ෂණ සඳහා අවශ්‍ය පරීක්ෂණාගාර කට්ටල ආනයනය කිරීමටද නොහැකි වී තිබේ.

මීට පෙර වාර්තා වී තිබුණේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේද පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි. කෙසේ නමුත් මෙරටට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත කඩිනමින් එම රෝහලේ පරීක්ෂණ කටයුතු යළි ආරම්භවීමට නියමිතව තිබිණි.

ආනයනය අර්බුදය හේතුවෙන් මේ වනවිට දැඩි ඖෂධ හිගයක්ද රටතුළ මතුව තිබේ. මේ නිසා අත්‍යවශ්‍ය ඖෂධ පවා හිග වී ඇති බවයි ඖෂධ ආනයනකරුවන් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...