*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ඩීසල් නෑ, බොරුවට පෝලිමේ ඉන්න එපා ගෙදර යන්න – ඛනිජ තෙල් සභාපතිගෙන් පණිවුඩයක්

අද සහ හෙට (30-31) ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් නිකුත් කිරීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. මේ වනවිට සංස්ථාව සතු ඩීසල් තොග අවසන්ව ඇති බවයි එහි සභාපතිවරයා පවසන්නේ.

ඩීසල් ටොන් 37,500 ක තොගයක් ගොඩබෑමට නියමිතව තිබූ නමුත් එම ඩීසල් තොගය නියමිත පරිදි ගොඩබෑමට නොහැකි වී තිබෙනවා.

කෙසේ නමුත් විදුලි ජනනය ඇතුළු අත්‍යවශ්‍ය කටයුතු සඳහා ඩීසල් නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුවන බවද සභාපතිවරයා පවසයි.

මේ වනවිට බොහෝ ඉන්ධන හල් සතු ඩීසල් තොගද අවසන් වී ඇති අතර මේ නිසා නිකරුණේ පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඛනිජ තෙල් සභාපතිවරයා ජනතාවට දැනුම් දෙනවා.

ඩීසල් නිකුත් කිරීම ගැටලු සහගත වී ඇති නමුත් පෙට්‍රල් නිකුත් කිරීම සාමාන්‍ය පරිදි සිදුවන බවද ඛනිජ තෙල් සභපතිවරයා සඳහන් කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan