මිදිගම වෙඩිතැබීමකින් අයෙක් මරුට. හරක් කටාගේ ගෝලයින්ගේ වැඩක් බවට සැක

Date:

ඊයේ (29) සවස අහංගම – මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකින් එම හෝටලයේ හිමිකරු මියගොස් තිබේ.

ඊයේ පස්වරු 06.15 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණු අතර එයින් තුවාල ලබා මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලද හෝටල් හිමිකරු අද (30) අළුයම 03.00 ට පමණ මියගොස් ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ 31 හැවිරිදි අයෙකි.

ඊයේ පස්වරුවේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ටී 56 ගිනි අවියකින් අදාළ වෙඩිතැබීම සිදුකර තිබිණි.

මීට පෙර 2021 වසරේදී ද මෙම හෝටල් හිමිකරු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබුණු අතර එයින් ඔහුගේ සහෝදරයා මියගොස් තිබිණි.

මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ දැනට අත් අඩංගුවේ පසුවන නඳුන් චින්තක නොහොත් හරක් කටා නම් පාතාල නායකයාගේ ගෝලයින් පිරිසක් බවට සැක පහළ වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...