සක්වල 25 වැනි අදියර යටතේ වීරවිල තාසිම් මුස්ලිම් කණිෂ්ට විදුහලට පරිත්‍යාගයක් (Photos)

Date:

රට ඉහළ සාක්ෂරතාවයකින් යුක්ත බව පැවසුවත්, දරුවන් ලෝකය හා බද්ධකරනා අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීම හරහා පුරවැසියා රටට අගයක් එකතු කරනා මිනිසකු බවට පත්කළ හැකි බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ, එකදු ඉංග්‍රීසි ගුරුවරයකු නොමැති පාසැල් මෙරට තුළ පවතින අතර, ඊට කඩිනම් විසඳුමක් සලසාදීමට පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන බවයි.

යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමවේද වෙනුවට, නවීන ලෝකය හා තරඟ කළ හැකි තාක්ෂණික අධ්‍යාපනය මෙරට දරුවන්ට හඳුන්වා දිය යුතු බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ඒ, සුහුරු පන්ති කාමර සඳහා පරිගණක පුවරු සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වළ” වැඩසටහනේ 25 වන අදියර අද වීරවිල තාසිම් මුස්ලිම් කණිෂ්ට විද්‍යාලයේදී ක්‍රියාවට නංවමින්.

එහි වටිනාකම රුපියල් නව ලක්ෂ විසි හතරදහසක් (රු. 924,000.00) කි.

ගෙවුණු අදියර 24 තුළ, “සක්වළ” හරහා රුපියල් 19,729,650.00ක් වටිනා පරිගණක පරිත්‍යාග කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...