ගුවන්තොටුපළේ හොරුන්ට ඉඩ නෑ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ, කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයින්ට පනවන දඩය වැඩි කිරීමට තීරණය කර ඇති අතර , ඒ අනුව මේ දක්වා පැවති 25,000 දඩය රුපියල් ලක්ෂයක් (100,000 ) දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ , ගුවන් තොටුපළ තුළ රැඳී සිටින ටැක්සි රියැදුරන්, තැරැව්කරුවන් සහ වෙනත් නිලධාරීන් විවිධ අක්‍රමිකතාවල යෙදෙන බව පැමිණිලි ලැබී ඇති බවයි . බොහෝ ගුවන්තොටුපළවල දක්නට ලැබෙන ආචාරශීලි ස්වභාවයේ අඩුපාඩුවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දක්නට ලැබෙන බවත්, අවශ්‍ය නම් හමුදාව හෝ විශේෂ කාර්ය බලකාය කැඳවා තර්ජන ගර්ජන සිදුකරන අය ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...