මම පොර නෙමෙයි. මට වඩා පොරවල් ඉන්නවා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ නියමිත කාලයට මැතිවරණය නොපැවැත්වීම අපරාධයක් බවයි.ලබන අගෝස්තු මස හෝ මැතිවරණය පවත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය.

මොන තත්ත්වයක් උඩ හරි නියමිත කාලය ඡන්ද විමසීම පවත්වන්නේ නැති එක අපරාධයක්. ඒ වගේම කනගාටුදායක තත්ත්වයක්. රටක නොවිය යුතු දෙයක්. මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් කොහොමද කියන එක තමා අද තියෙන ගැටලුව. ඒ හැකියාව තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවටයි, මුදල් අමාත්‍යාංශයටයි, මහ භාණ්ඩාගාරටයි එකතුවෙලා මිසක් මාධ්‍යවලටවත්, අපටවත්, රටේ සාමාන්‍ය ජනතාවටවත් නෙමෙයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීමක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට ප්‍රජාතන්ත්‍රවාදය විතරක් නෙමෙයි ආර්ථික නිදහස, සංස්කෘතික නිදහස, ආගමික නිදහස, මුලික අයිතිවාසිකම්වල තියෙන සියලු කරුණු ඇතුළත් වෙනවා. ඇත්තටම මැතිවරණ නැහැ කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියන එක. මම බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ, අගෝස්තු මාසයේ ලෝක තරුණ දිනයට කලින්වත් එහෙම නැත්නම් සැප්තැම්බර් 15 ලෝක ප්‍රජාතන්ත්‍රවාදි දිනය වෙද්දිවත් මේ ඡන්ද විමසීම තියයි කියලා.”

“මම මේ සම්භන්ධයෙන් කතා කරන්නේ නෑ. මම තමා ජගතා, මට විතරයි කරන්න පුළුවන් කියන මතයේ මම නෑ. මම පොර නෙමෙයි. මට වඩා පොරවල් ඉන්නවා…”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...