ජනාධිපති රනිල්ගේ සහයට ජිවන් තොණ්ඩමන්ද එක්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW): ඊයේ හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ රුපලාවන්‍ය , මොටර් කාර්මික , විදුලි කාර්මික , හෝටල් පාඨමාලා , පරිගණක පාඨමාලා , ඇගළුම් ඇතුළු පාඨමාලාවන් 15 ක් සම්බන්ධයෙන් වෘත්තිය පුහුණුව ලැබු සිසු සිසුවියන් 245 දෙනෙකුට එම පාඨමාලාවට අදාල සහතික පත් බෙදා දිමේ උත්සවයට සහභාගි වෙමින් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේ, 2025 වසරේ සිට හැටන් තොණ්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය තුල වතුකරයේ අධ්‍යාපනය ලබා සිටින තරුණ තරුණියන්ට දේශපාලන විද්‍යාව විෂයක් ලෙස හැදැරිමට අවස්තාව ලබාදෙන බවයි.

මෙම උත්සවයට හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර, මෙම උත්සවයේදි අදහස් දැක් වු ජිවන් තොණ්ඩමන් මහතා තවදුරටත් කියා සිටියේ, වතුකරයේ දැනට පවතින ප්‍රධානතම ගැටළු තුනක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කල යෝජනාවක් අනුව එම යෝජනාවන් වලට විසඳුම් ලබාදිමට ජනාධිපතිවරයා එකඟ වූ නිසා තම පක්ෂයේ සහයෝගය ජනාධිපතිවරයාට ලබාදිමට තිරණය කල බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...