නවක වදය ගැන තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW):රටේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දිගින් දිගටම සිදුවන නවක වදය තුරන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අදාළව කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, අට දෙනකුගෙන් යුත් මෙම කමිටුව ‘ජාතික නවකවදය වැළැක්වීමේ කමිටුව’ (National Anti-Ranging Committee-NARC) ලෙස නම්කර ඇති බව පැවසේ.

විශ්වවිද්‍යාල තුළ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ‘1997’ කෙටි දුරකථන අංකය ක්‍රියාත්මකය. මෙම හදිසි ඇමතුම් ඒකකය පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...