හෙට දවසේ උණුසුම වැඩිවෙයි!

0
414

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW): හෙට දිනයේදී බස්නාහිර, දකුණ, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එමෙන්ම රත්නපුර, මොණරාගල, මන්නාරම, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටද මෙම උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බවයි.