අමුතු තරඟය මරණයෙන් කෙළවර වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW): හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්රෝ කොටසේ පදිංචි ගනේෂන් රාමචන්ද්‍රන් නැමති (39) හැවිරිදි පුද්ගලයකු වැඩිම මත්පැන් පානය කිරිමේ පුද්ගලයා තේරීම සඳහා පැවැත්වූ තරගයක් අතරතුරදී වැඩිම මත්පැන් ප්‍රමාණයක් පානය කර ජීවිතක්ෂයට පත් ව ඇත.

ඉකුත් 27 වැනිදා රාත්‍රියේ වතුයායේ හින්දු කෝවිලේ වාර්ෂික තේරු උත්සවය පවත්වා ඇති අතර, එම උත්සවයට සහභාගි වූ තරුණ පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රමාණය පානය කරන පුද්ගලයා තේරීම තරගයක් පවත්වා ඇති අතර, තරගයට එම වතුයායේම පදිංචි පුද්ගලයන් තිදෙනකු ඉදිරිපත් වී ඇති අතර, ඒ සඳහා මිලිලිටර් 750 මත්පැන් බෝතල් තුනක් ලබා දී ඇති අතර, එහිදී අඩුම කාලයකින් මත්පැන් බෝතලය පානය කරන පුද්ගලයා ජයග්‍රහකයා ලෙස තෝරා ගැනීමට සැලසුම් කර ඇත. එම තරගයෙන් ජයග්‍රහණය කළ අය තරගයට ඉදිරිපත් වීමට පෙර සිටම අධික ලෙස මත්පැන් පානය කර සිටි බව එම වතුයායේ වතු කම්කරුවෝ පැවසූහ.

මියගිය තිදරු පියාගේ වැඩිමහල් දියණිය මරණ පරීක්ෂණයේදී පවසා ඇත්තේ, රාත්‍රියේ නිවසට පැමිණි තම පියා රාත්‍රි ආහාර ගෙන නින්දට ගිය පසු (28 වැනිදා) අලුයම නින්දේම ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

මෙම තරගයට ඉදිරිපත් වූ තවත් පුද්ගලයෙක් අධික ලෙස රෝගාතුර වී දික්ඔය මූලික රෝහල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, මියගිය තිදරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මරණයට හේතුව නිව්මෝනියාව උණ රෝගය වැළඳී සිටීම සහ ගෙල නහරයේ ආහාර සිරවීම බව සටහන් කර ඇත. මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් කිහිපයක් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බව හැටන් පොලිසියේ නිලධාරියකු පැවසීය. මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද (31 වැනිදා) එම වතුයායේදි සිදු කෙරුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...