ආනන්ද සාගර හිමි මහබැංකු අධිපති ලෙස දිවුරුම් දෙන්න සැරසෙයි !

Date:

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා ලෙස දිවුරුම් දීමට “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමි දැරූ උත්සාහයක් ඊයේ (30) ආරක්ෂක අංශ විසින් ව්‍යර්ථ කර තිබෙන බව වාර්තා වේ.

“මහබැංකු අධිපතිකම අපට කරන්න පුළුවන් මීට වඩා හොඳට. ඒ නිසා අද අපි බැලුවා මහබැංකුව ඇතුළට ගිහිල්ලා මහබැංකු අධිපතිකමට දිවුරුම් දෙන්න. ඒත් ඉතින් ඒ සඳහා අවසරයක් ලැබුණෙ නෑ. ඉදිරියේදී බලාපොරොත්තු වෙන මහබැංකු අධිපතිකම අජිත් නිවාඩ් කබ්‍රාල්ට වඩා හොරකම් නොකරපු අපට මේ වැඩේ කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා”

එසේම රටේ පවතින අර්බුදයට එරෙහිව මහානායක ස්වාමීන් වහන්සේලා එළියට පැමිණ සම්මුතියකට එළඹිය යුතු බවත් ආනන්ද සාගර හිමි අවධාරණය කළේය.

ශ්‍රී ලංකා මහබැංකුව ඉදිරිපිටදී මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානය විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...