ආනන්ද සාගර හිමි මහබැංකු අධිපති ලෙස දිවුරුම් දෙන්න සැරසෙයි !

Date:

ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා ලෙස දිවුරුම් දීමට “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමි දැරූ උත්සාහයක් ඊයේ (30) ආරක්ෂක අංශ විසින් ව්‍යර්ථ කර තිබෙන බව වාර්තා වේ.

“මහබැංකු අධිපතිකම අපට කරන්න පුළුවන් මීට වඩා හොඳට. ඒ නිසා අද අපි බැලුවා මහබැංකුව ඇතුළට ගිහිල්ලා මහබැංකු අධිපතිකමට දිවුරුම් දෙන්න. ඒත් ඉතින් ඒ සඳහා අවසරයක් ලැබුණෙ නෑ. ඉදිරියේදී බලාපොරොත්තු වෙන මහබැංකු අධිපතිකම අජිත් නිවාඩ් කබ්‍රාල්ට වඩා හොරකම් නොකරපු අපට මේ වැඩේ කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා”

එසේම රටේ පවතින අර්බුදයට එරෙහිව මහානායක ස්වාමීන් වහන්සේලා එළියට පැමිණ සම්මුතියකට එළඹිය යුතු බවත් ආනන්ද සාගර හිමි අවධාරණය කළේය.

ශ්‍රී ලංකා මහබැංකුව ඉදිරිපිටදී මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානය විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් රථ හිමියන්ට ඇමතිගෙන් දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : කිසිම අයුරකින් මත්ද්‍රව්‍යට...

නවතාලනු මැන වෛරී දේශපාලනය!

උපාලි කොළඹගේ කොළඹ LNW:රට තුළ කිසියම් දේශපාලන නොසන්සුන්තාවක් පවතින බව...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි අධිකරණයට රැගෙන එයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අද (09) දින...

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...