Wednesday, May 31, 2023
spot_img

Latest Posts

ලංකාවට එන තමිල්නාඩු යොවුන් කණ්ඩායමට ජාතික පිළේ දෙදෙනෙක්

ඉන්දිය කණිෂ්ඨ අවුරුදු 21 න් පහළ සූරයන් වන තමිල්නාඩු ප්‍රාන්තයේ යොවුන් වොලිබෝල් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලියක් සඳහා පඅද දිවයිනට පැමිණෙන අතර තමිල්නාඩු ප්‍රාන්ත වොලිබෝල් සංගමයේ ලේකම් මාටින් සුදාකර් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ LNW වෙත අදහස් දක්වමින් පැවසුවේ එම කණ්ඩායමට ඉන්දීය ජතික කණ්ඩායමට ක්‍රිඩා කරන ක්‍රිඩකයින් දෙදෙනෙක් ඇතුළත් වන බවය.ආසියානු සහ ලෝක සූරතාවලි තරග නියෝජනය කර ඇති කණ්ඩායමේ ලිබරෝ ක්‍රීඩක නායක වෙනූ චික්කානා සහ පන්දු සකසන මහේන්ද්‍රන් කබිලානන් එම ක්‍රීඩකයින් බව ද සුදාකරන පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවට පිටත්වෙන ඉන්දිය කණ්ඩායමට දිරි දීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත වොලිබෝල් සංගමය සුළු උත්සවයක් සංවිධානය කර තිබූ අතර එහිදි අදහස් දැක් වූ කණ්ඩයම් නායක විනූ පවසා සිටියේ ශ්‍රී ලංකා සංචාරය ජයග්‍රාහීව නිමා කර පැමිණීම සිය කණ්ඩායමේ අපේක්ෂාව බවය.එසේම තමිල්නාඩු ප්‍රාන්ත වොලිබෝල් සංගමය සිය කණ්ඩායමට ලබා දුන් සහය සහ පහසුකම් ඉතා ඉහළින් අගය කරන බව ද එහදි වෙනු වීසින් තව දුරටත් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා වොලිබෝල් පරිපාලනය මේ සංචාරය සඳහා මැදිහත් වෙමින් ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන් බොහෝ දෙනෙක්ට තරග අත්දැකීමක් ලබා ගැනීම සඳහා ලබා දෙන අවස්ථාව ඉතා වැදගත්ය.
මේ සමඟ ඇත්තේ ඊයේ තමිල්නාඩු ප්‍රාන්ත වොලිබෝල් සංගමය ශ්‍රී ලංකාවට පැමිණෙන තම අවුරුදු 21 න් පහළ කණ්ඩායමට සුබ පැතීමට එක් වූ අවස්ථාවේ ගනු ලැබූ සමූහ ඡායාරූපයකි.

සටහන – නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.