Wednesday, May 31, 2023
spot_img

Latest Posts

ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිපියක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය, අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිපියක් නිකුත් කර , අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් ඇති කිරීම වැළැක්විය යුතු බව, දැනුම් දී ඇත.

අධිකරණ සේවා සංගමයේ දැඩි අවධානය යොමුව ඇති කාරණා වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා මූලික අයිතිවාසිකම් නඩුවකදී නිකුත් කළ අතුරු නියෝගයක් පාදක කර ගනිමින් , අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද පනත සාවද්‍ය ලෙස යොදාගනිමින් සිටින්නේද ?යන්න පිළිබඳවයි.

ඉකුත් 18 වැනිදා රැස්වූ අධිකරණ සේවා සංගමයේ විධායක කමිටුව, එම කරුණ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කර තිබෙන අතර අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර නෛතික අර්බුදයක් නිර්මාණය වීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට තීරණය කර, පළමුව ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම දැනුවත් කළ යුතු බව තීරණය කර ඇත්තේ ඒ අනුවයි.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ ව්‍යවස්ථාදායකය, විධායක සහ අධිකරණය යන මහජනතාවගේ පරමාධිපත්‍ය බලතල ක්‍රියාත්මක කරන , ප්‍රධාන ආයතන තුන අතර සංවරණ තුලන ක්‍රමයක් පවත්වා ගෙන යා යුතු බවයි.

අධිකරණ සේවා සංගමයේ විශ්වාසය වන්නේ
එම සිද්ධියට අදාළව විනිශ්චයකාරවරුන්, පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් ඉදිරියට කැඳවූවහොත් නීතියේ අධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටි එහි ඊළඟ අනිවාර්ය ප්‍රතිඵලය වශයෙන් රාජ්‍ය යන්ත්‍රණයේ බිඳවැටීමක් සිදුවන බවයි .

අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් , දැක්වෙන්නේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට කුමන හෝ අයෙකු විසින් බලපෑම් සිදුකරන්නේ නම්, ඊට එරෙහිව ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි.

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.