*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

රටේ ජනගහනයෙන් සියයට 86 ක් ආහාර ගැනීම අඩුකරලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙන්නේ , 2022 ආර්ථික අර්බුදය උත්සන්න වීමත් සමඟ රටේ ජනගහනයෙන් සියයට 86 ක් ආහාර සඳහා යොදා ගන්නා අයිතමයන්ගේ ප්‍රමාණය අඩු කර ඇති බවයි . මෙම කරුණු අනාවරණ කර ඇත්තේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය මෑතකදී සිදුකළ පර්යේෂණ කිහිපයක වාර්තා වලට අනුවයි .

එම පර්යේෂණ වාර්තාවට අනුව

◾රටේ ජනගහනයෙන් තවත් සියයට 75 ක් ආහාර පිළියෙළ කර ගැනීම සඳහා ආහාර අයිතමයන් යොදා ගැනීම ද අවම වී තිබෙනවා.

◾ සියයට 45 ක් ආහාර ගන්නා වාර ගණන අවම කර තිබීම ද කැපී පෙනෙන තත්ත්වයක්.

◾තවත් සියයට 38 ක් ආහාර ප්‍රමාණය අවම කර ඇතැයි අදාළ පර්යේෂණ වාර්තාවේ සඳහන්.

දෛනිකව උපයන මුදල ආහාර සඳහා වැය කිරීම ගත්විට වතු අංශයේ සියයට 68 ක් තමන් උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් වැය කර ඇත්තේ ආහාර සඳහායි.

රත්නපුර, අම්පාර, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාවගෙන් සියයට 75 ක් තමන් උපයන මුළු මුදලම ආහාර ලබාගැනීම පිණිස වැය කර තිබීම ද කැපීපෙනෙන තත්ත්වයක්. 2021 වසරේ හතරවන කාර්තුව වනවිට ගෘහාශ්‍රිත අමතර ආහාර පරිභෝජනය සියයට 3 යි දශම 4 කින් පහළ වැටී තිබෙනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය වැඩිදුරටත් පවසන්නේ 2022 ඔක්තෝම්බර් මාසය වනවිට රටේ ජනගහනයෙන් මිලියන 2.26 අමතර ආහාර පරිභෝජනය නවතා තිබූ බවයි .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan