ලංකාවේ ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

Date:

හියුමන් රයිට්ස් වොච් හෙලි කරයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මත ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක් මතුව ඇති බවයි .

ආදායම් ඉහළ නැංවීමේ ප්‍රතිපත්ති මගින් තවදුරටත් ආර්ථික හා සමාජ අයිතීන් ඛාදනය නොවන බවටත් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ මගින් වගවීම ලබා දෙන බවටත් ශ්‍රී ලංකා රජය සහතික විය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යක්ෂ,මීනාක්ෂි ගංගුලි මහත්මිය පෙන්වා දෙයි.

ධනවත් කිහිප දෙනෙකුට ප්‍රතිලාභ ලබා දුන් නිල දූෂණ සහ බදු නීති ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන සාධක බව ද ඇය සඳහන් කර ඇති අතර , එහි බර එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට අරගල කරන ශ්‍රී ලාංකිකයින් මත පැටවීම නොකළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට මේවා පුරුදු තැන්. අපිව එහෙම බය කරන්න බෑ – ජොන්ස්ටන් FCID එයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු වේලාවකට...

වෝල්ට්‍රීම් වතුයායේ වතු කම්කරුවන්ට නව නිවාස ඉදිකිරීම් ඇරඹේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඊයේ (04) දින...

2026 නව පාසල් වාරය අද ඇරඹේ – නව විෂය මාලා ආරම්භය ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අද (05) සිට 2026 නව පාසල් වාරය...

කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ...