*
Friday, May 3, 2024
spot_img

Latest Posts

කාන්තාවන් දේශපාලනිකව සන්නද්ධ වෙලා, සංවිධානය වෙලා, එකතු වුණු අවස්ථා ලෝකයේ කොතැනකවත් මේවගේ දැකලා නැහැ – හරිනි (VIDEO)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW):

ඉතිහාසයේ තිබුණු අපේ බෙදීම් අමතක කරලා, රට හදන මේ ඓතිහාසික වැඩපිළිවෙළට එකතු වෙන්න කියන ආරාධනා කරනා බවත්, ඒ වෙනුවෙන් ඉදිරි මාස හය හත තුළ මහන්සි වෙලා වැඩ කරන්න වන බවත්, දැනටත් කැපවීම රාශියක් කර ඇති බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික – පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

සියලු දෙනාම එකතු වී පොදු අරමුණකින් රට හදන ක්‍රියාන්විතයට එකතු වන ලෙස ඇය ඉල්ලා සිටී.

හරිනි අමරසූරිය එහිදී වැඩිදුරටත් පැවසූවේ,

” මේ සමුළුව සාර්ථක කර ගන්න මාස ගණනාවක් තිස්සේ මහන්සි වුණා. මේක අතිශයින්ම ඓතිහාසික වැඩක්. ගැහැනුන් දේශපාලනිකව සන්නද්ධ වෙලා, දේශපාලනිකව සංවිධානය වෙලා, මේ ආකාරයෙන් එකතු වුණු අවස්ථා ලෝකයේ කොතැනකවත් දැකලා නැහැ. අපට මෙය අලුත් අත්දැකීමක්. අපි මේ කර තිබෙන්නේ මේ රට වෙනස් තැනකට ඔසවා තබන්න පුළුවන් කාන්තා නායිකාවන් බිහි කරන එක. දේශපාලනය ගැන හීනෙකින්වත් හිතුවේ නැති අපේ කාන්තාවන්, දේශපාලන නායකත්වය ගන්න සූදානම් බව පෙන්නුම් කර තිබෙනවා. අලුතෙන් කාන්තා නායිකාවන් බිහි වෙනවා. ඒක මේ රටට තීරණාත්මකයි. අපි අනිවාර්යයෙන්ම මේක වෙනස් කරනවා. අපට පුළුවන් වෙලා තිබෙනවා, ගැහැනු ශක්තිය රටට විතරක් නොවෙයි, මුළු ලෝකයටම පෙන්වන්න. ගැහැනු අපට අවස්ථාවක් දුන්නොත් ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන, උපරිම බලපෑමක් කරන්න පුළුවන් ශක්තියක් අප තුළ තිබෙනවා කියලා.


ඉන්දියාවේ ඉන්නවා ප්‍රසිද්ධ ලේඛිකාවක්, අරුන්දතී රෝයි නමින්. ඇය එක තැනකක ලියලා තිබෙනවා “අලුත් ලෝකයක් බිහිකරන්න පුළුවන් විතරක් නොවෙයි, අලුත් ලෝකයක් බිහි වෙමින් යනවා, නිශ්ශබ්දව හොඳට ඇහුම්කන් දුන්නොත් ඒ අලුත් ලෝකය හුස්ම ගන්නවා අපිට ඇහෙනවා කියලා.” ඒ අලුත් ලෝකය ඔබ නිර්මාණය කරමින් යනවා. ඒක අපට තවදුරටත් සිහිනයක් නොවෙයි. අලුත් ලෝකයක් බිහි වෙමින් යන්නේ. අලුත් ලෝකයක් අපි හදනනවා. වඩා සාධාරණ, සියලු දෙනාටම අභිමානයෙන් ජීවත් වෙන්න පුළුවන්, සමානාත්මතාවයට ගරු කරන ආදරණීය අලුත් ලෝකයක් ඔබ දැන් නිර්මාණය කරමින් ඉන්නේ.

ඒ සඳහා අපට මේ අවුරුද්දේ තීරණාත්මක වැඩක් තිබෙනවා. මේ මැතිවරණය අපට දිනන්න විතරක් නොවෙයි. ගැහැනු අපි එකතු වෙලා මේක කොහොම හරි දිනවනවා. අපි සහෝදරවරු ටිකත් පාර්ලිමේන්තුවටත් යවනවා. අපේ අනුර සහෝදරයාව ජනාධිපතිත් කරනවා. ඒක කරලා එතනින් ඉවර වෙන්නේ නැහැ අපේ වැඬේ. අපි රට හදන්න ඕනෙ. අපි කරන්න බලාපොරොත්තු වෙන ඒ සමාජ පරිවර්තනය රැකගන්නත් අපි ඉදිරිපත් වෙන්න ඕනෙ. මේකෙ බරපතළකම, ගැඹුර අපි හොඳින් තේරුම් ගන්න ඕනෙ. මේක තවත් එක් වෙනසක් ගැන කතාවක් නොවෙයි. මේක තවත් එක් මැතිවරණයක් නොවෙයි. මෙතෙක් බලයට ආව හැම පක්ෂයක්ම, වෙනසක් කරන බවට පොරොන්දු වුණා. යූ.එන්.පී. භීෂණය ඉවර වෙලා චන්ද්‍රිකා කුමාරතුංග පත්කරන්න පාරට මුලින්ම බැස්සෙත් ගැහැනු. චන්ද්‍රිකා මහත්මියත් පොරොන්දු වුණා වෙනසක්. 2015 යහපාලන ආණ්ඩුවත් වෙනසක් පොරොන්දු වුණා. ගෝඨාභය රාජපක්ෂත් වෙනසක් පොරොන්දු වුණා. ජාතික ජන බලවේගය මේ වෙනස කරන්නේ කාගෙවත් පොරොන්දු මත නොවෙයි. මේ වෙනස කරන්නේ අපිමයි. මෙතෙක් කාලයක් අපේ ඡන්දෙ දීලා පැත්තකට වෙලා බලා ඉන්න සිද්ධ වුණේ. අපි වෙනුවෙන් කරන සංවර්ධන දිහා අපට බලාගෙන ඉන්න සිදුවුණේ. ඒ තීන්දු තීරණ ගන්න තැන්වල අපි නැහැ. අපට ඇහුම්කන් දෙන්නේ හෝ අදහස් විමසන්නේ හෝ නැහැ. අපි වෙනුවෙන් මේ ප්‍රතිපත්ති හැදෙන්නේ නැති බව දැන දැනත් ඒ ගැන කරන්න දෙයක් තිබුණේ නැහැ. අපේ මුදල් වංචා කරන බව දැනගෙන, දූෂණයේ යෙදෙන බව දැනගෙන අපේ දරුවන් බඩගින්නේ ඉන්න බව දැනගෙන අපි හූල්ල හූල්ලා බලාගෙන සිටියා මිසක් අපට බලයක් තිබුණේ නැහැ මේවා වෙනස් කරන්න.

නමුත් මේ ක්‍රියාවලිය තුළ සිද්ධ වෙන්නේ අපි බලයට පත්වෙනවා. අපි හැමෝම පාර්ලිමේන්තුවට යනවා නොවෙයි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට විශාල මන්ත්‍රීවරියන් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් කියා අපි විශ්වාස කරනවා. ගමේ, වැඩපොළේ, පාසලේ, රෝහලේ, අප ඉන්නවා. අපි හැමතැනම ඉන්නවා. අපි ඉන්න හැමතැනකම මේ රට වෙනස් කරන ක්‍රියාවලියට අපි සක්‍රීයව සහභාගී වෙනවා. ඒ නිසා අපි කවුරුත් වෙන කවරු හෝ මේ දේ කරන තුරු බලාගෙන ඉන්නේ නැහැ. මේ පාර වෙනස වෙන්නේ මේ වැඬේ කරන්නේ අපිමයි. ඒ ක්‍රියාවලියේ තීරණාත්මක වැඩක් හැටියට අපට සවන් දෙන නායකයෙක් අපි ජනාධිපති කරන්න ඕනෙ. මේ අවුරුද්දේ ඒක සිද්ධ වෙනවා. ඊට පස්සේ අපට ඇහුම්කන් දෙන ගැහැනු අපට සංවේදී ගැහැනු අපේ කතන්දරවලට වටිනාකමක් දෙන, අපේ ජීවිතවලට වටිනාකමක් දෙන, අපේ හඬට සවන් දෙන ආණ්ඩුවක් හදන්නත් ඕනෙ. ඒ දෙක අපේ පළවැනි වැඩ.

ඒ වෙනුවෙන් අපි ඉදිරි මාස හය හත තුළ මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. දැනටත් අපි කැපවීම රාශියක් කර තමයි මෙතනට එන්නේ. ඒ මහන්සිය කිසිසේත් අපතේ යන්නේ නැහැ. අපි සියලු දෙනාම එකතු වෙලා පොදු අරමුණකින් මේ රට හදන වැඬේ වෙනුවෙන් තමයි කරන්නේ. අපෙන් හැමදාම බලාපොරොත්තු වුණේ කැපවීම්, දරා ගැනීම්. කවදාවත් සහභාගිත්වය ඉල්ලුවේ නැහැ. අපේ ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. අපේ ඡන්දයෙන් බලයට පත්වෙලා අපව පැත්තකට දාලා යන ආණ්ඩු තමයි මෙච්චර කල් පත්වුණේ. මේ අවස්ථාවේ අපව මගහැර යන්න බැහැ. අපව සහභාගී නොකර යන්න බැරි බව පාලකයෝ තේරුම් ගනිමින් යනවා. ඒ නිසා තමයි වෙනත් පක්ෂවල අයත් ගැහැනුන් ආමන්ත්‍රණය කරන්න වැඩ සටහන් ආරම්භ කර තිබෙන්නේ. ඒක හොඳයි. නමුත් අපි දන්නවා ජාතික ජන බලවේගයේ වෙනසක් තිබෙනවා.

අපි පත්කරන ආණඩුවත්, වැඩපිළවෙළත් ආරක්ෂා කිරීමට අපට වගකීමක් තිබෙනවා. මෙච්චර කාලයක් මේ රටේ වරප්‍රසාද ලබාගෙන මේ රට පාලනය කිරීම තමන්ගේ උපතින් ආව අයිතියක් උරුමයක් හැටියට හිතාගෙන හිටපු පාලකයෝ කලබලවෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි ඔවුන් පක්ෂ හැටියට වෙන් වුණාට ජාතික ජන බලවේගය පරදවන්න ඕනෙ කියන තැන ඔවුන් ඔක්කෝම එකතු වෙන්නේ. ඒ මේ සිදුවෙමින් යන විශාල සමාජ පර්වර්තනයට ඔවුන්ට තිබෙන බය. ඒගොල්ලෝ දන්නවා මෙතන සිදුවෙන්නේ නිකම්ම නිකම් ආණ්ඩු මාරුවක් නොවෙන බව. ඊට වඩා බරපතළ සමාජ පරිවර්තනයකට තමයි සූදානම් වෙන්නේ කියලා. ජනතාවාදී ආණ්ඩුවක් ජනතාවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පත් කිරීමටත් ඒ ක්‍රමවේදය තුළින් මේ රට දියුණු කරන්නටත් තමයි අපි සූදානම් වෙන්නේ කියන එක දන්නවා. ඒ ක්‍රමය යටතේ විශේෂ වරප්‍රසාද ලැබෙන්නේ නැහැ පාලකයන්ටත් රටේ නීතිය බලපානවා. ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ නීතිය සැමට ක්‍රියාත්මක වෙනවා. මෙච්චර කාලයෙක් මේ රටේ සිදු නොවුණේ නීතිය හරියට ක්‍රියාත්මක නොවුණු එක. නීතිය ක්‍රියාත්මක කරන්න දේශපාලනඥයෝ ඉඩ දුන්නේ නැහැ.

මාලිමාව රජයක් යටතේ නීතිය ස්වාධීන වෙනවා. නීතිය ක්‍රියාත්මක කරමින් ජනතා මුදල් සොරකම් කරපු ජනතාව පීඩාවට පත්කරපු ඒ ප්‍රතිපත්ති හදපු ඒ අයට නිසි දඬුවම් ලැබේවි. පළි ගැනීමේ සංස්කෘතියක් අප තුළ නැහැ. විශේෂයෙන් ගැහැනු අපි දන්නවා පළි ගැනීම තුළින් වෙන්න තිබෙන හානිය අපි අත්විඳ තිබෙනවා. ඔබ සියලු දෙනාට වගකීමක් තිබෙනවා මාලිමාව කෙරෙහි බොරු බියක් ඇති කරන්න ගන්නා උත්සාහය අපි පරාජය කරන්න ඕනෙ. මෙතනට එන්න කැමති පිරිස් අපි එකතු කරන්න ඕනෙ. ඉතිහාසයේ තිබුණු අපේ බෙදීම් අමතක කරලා, සියලු දෙනාම ආමන්ත්‍රණය කරලා, රට හදන මේ ඓතිහාසික වැඩපිළිවෙළට එකතු වෙන්න කියන ආරාධනාව අපි කරනවා. අම්පාර දිස්ත්‍රික්කව බහු සංස්කෘතික දිස්ත්‍රික්කයක්. ඔබ බෙදීම්වල විපාක හොඳට අත්විඳ තිබෙනවා. සියලු දෙනා බෙදීම් වෙනුවට එකතු කරන, වෛරය වෙනුවට ආදරය කරන සමාජයක් ගොඩනඟන්න ඔබේ නායකත්වය අපට අවශ්‍යයි. ඒ වෙනුවෙන් සූදානම් වෙන්න, ශක්තිමත් වෙන්න, සංවිධානය වෙන්න. දැනුමෙන් සන්නද්ධ වෙන්න. ඔබගේ දායකත්වය අපට ලබාදීම අපට ලොකු විශ්වාසයක් වගේම ලොකු ශක්තියක්. ඒ විශ්වාසය දීම පිළිබඳවත්, ආදරය අපට දීම පිළිබඳවත් ඔබට ස්තුතිවන්ත වෙනවා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan