*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා යෞවනියන්ට CATCH එක්ක MATCH එකත් අත හැරෙයි

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 01, , කොළඹ (LNW):ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අවුරුදු 19 න් පහළ කාන්තා තුන් කොන් තරගාවලියේ දී ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව අද ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියේ සිය ප්‍රථම පරාජයට හිමිකම් කියනු ලැබුවා.කඩුලු හතක පරාජයක් වුව ද,ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් පන්දුව තෙක්ම ඔස්ට්‍රේලියාවට ජය ගැනීමට බාධාවන් ඇති කිරීම කැපී පෙණුනා.මේ තරගාවලිය පුරාම සෙසු කණ්ඩායම් දෙකට වඩා පන්දු රැකීමෙන් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව මේ තරගයේදී පන්දු රැකීමේදී දක්වන ලද දුර්වලකම නිසා කඩුලු දවා ගැනීමට තිබුණු අවස්ථා කිහිපයක්ම අහිමිවීම මේ පරාජයට ප්‍රධානම හේතුවක් වුණා.පන්දු රැකීමේදී කැපී පෙණෙන එංගලන්ත කණ්ඩායමට එරෙහිව අගනා අර්ධ ශතකයක් රැස් කළ නෙත්මි සේනාරත්න එම තරගයේදී පන්දු රැකීමේදි ආබාධයකට ලක් වීම නිසා මේ තරගයට ක්‍රීඩා නොකිරීම ද ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වුණා.


නායක රනුදි නානායක්කාර පෙර තරගවලදී ජය ගැනීමට බල පෑ දඟ පන්දුව ගැනම විශ්වාසය තබා කටයුතු කිරීමද පරාජයට එක් හේතුවක් වුණා.දඟ පන්දු යවන්නන් ඉදිරියේ කඩුලු නොලැබෙද්දි නැවත නැවත දඟ පන්දු යවන්නන් යොදවීම පසෙකලා තමාම පන්දුව අතට ගැනීමට මනුදි කල්පනා කළේනම් තරගයේ තීරණය මීට වඩා වෙනස් වීමට තිබුණු බව ඇය අවසන් ඕවරයේදී පන්දු යැවීමේදී පෑ සටන්කාමීත්වයම හොඳ උදාහරණයක් ලෙස ගත හැකියි.එහිදී ද පස්වන පන්දුවේදි හතරේ සීමාවේ සිට පන්දුව යොමු කළ ක්‍රීඩිකාවගේ යොමු කිරීම කඩුල්ලේ නොවදින්නට රැක ගන්නට මනුදි සමත් වූයේ නම් අවසන් පන්දුවේදී තරගය සම ලකුණු මත ජය පරාජයෙන් තොරව අවසන් වීමට හෝ ජයග්‍රහණයකින් නිමාවීමට ඉඩ තිබුණු බව පැහැදිළියි.ඒ නිසා ශ්‍රී ලංකාව මේ තරගයේදී ලද පරාජය ඔවුන් රැස් කළ ලකුණු 131 රැක ගැනීමට නිවැරදි සැළසුම් නොයෙදීම,පන්දු රැකීමේදී දැක් වූ දුර්වලකම් ආදිය ලෙස පෙළ ගැස්වීමේදී තරගය ඔස්ට්‍රේලියාව තරගය ජය ගැනීමක් ලෙස හඳුන්වනවාට වඩා ශ්‍රී ලංකාව තරගය පරාජය වුණා ලෙස අරුත් ගැන්වීම වඩා සාධාරණයි.
කෙසේ නමුත් මේ ජයග්‍රහණයේ ගෞරවය ඕස්ට්‍රේලියානු නායිකා ලුසී හැමිල්ටන්ගේ ආක්‍රමණික ඉණිම වෙත වැඩි පුර යොමු විය යුතුයි.ඇය පන්දු 41 දී නොදැවී ලකුණු 56 ක් ලබා ගනිමින් දියත් කළ ඉණිම මෙන්ම ඇයට සිවිවන කඩුල්ල සඳහා නොබිඳි ලකුණු 65 ක සබඳතාවයක් ඇති කරමින් පන්දු 18 න් නොදැවී ලකුණු 14 ක් ලැබූ එලා බ්‍රිස්කෝගේ ඉණිම ද මේ ජයග්‍රහණයේ පදනම හැටියට ගත හැකියි.


ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම සතු වේගවත්ම පිතිකාරිණිය වන දෙව්මි විහංගා මේ තරගයේදී ද පන්දු 15 ක් සඳහා රැස් කළේ ලකුණු 10 ක් පමණයි.එහෙත් ඇය සහ පන්දු 29 න් ලකුණු 39 ක් ලැබූ සංජනා කාවින්දි පළමු කඩුල්ලට ලකුණු 47 ක සබඳතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ඉණිම ගොඬ නැගීමේ කාර්යය ඉටු කර දුන්නා.මනුදි නාන්යක්කාර 19 (18),රශ්මි නේත්‍රාංජලී 16 (13) සහ රශ්මිකා සෙව්වන්දි 14(11) ද පන්දුවලට වඩා ලකුණු ප්‍රමාණය ඉදිරියෙන් තබා ගෙන කළ ලකුණු රැස් කිරීම් නිසා ශ්‍රී ලංකා ඉණිමට ලකුනු 132 ක් එකතු කර ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබුණා.
එංගලන්ත තරගයේදී බොහෝ විට මේ පරාජයත් සමඟ කණ්ඩායම වෙනස් වීමට ඉඩ තිබෙනවා.එසේම තරග සැළසුම් තරගයට අනුව වෙනස් කිරීමට මනුදි නානායක්කාරට ද යම් අවබෝධයක් ලබා දීමට ඉඩ ඇත.බංගලාදේශයේදී පැවති තුන් කොන් තරගාවලියේ දි අවසාන තරගයේදී හොඳින් පන්දු යැවූ යසන්ති හේරත් වැනි ක්‍රීඩිකාවකටද ඒ අනුව එංංගලන්තය මර්ධනයේදී ඉඩ ලැබෙන්නට ඉඩ තිබෙනවා.එහෙත් ආබාධ තත්ත්වය අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වටිනා අර්ධ ශතකයක් ලබමින් ලකුණු අතරට පිවිසි නෙත්මි සේනාරත්නගේ අඩුව මේ තරගාවලියේ ඉදිරි තරගවලදී ශ්‍රී ලංකාවට විශාල අඩුවක් ලෙස දැනෙන්නට ඉඩ තිබෙනවා.එම අඩුව නොදැනෙන්න දෙව්මි විහංගාගේ පිත්ත ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවට විශාල ලකුණු පූවරුවකට යාමට තිබෙන පඩ විශාලයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan