ගෝඨාභය ජනාධිපති වෙද්දී අපට තිබුණු සතුට දැන් ඇත්තේම නෑ – මුරුත්තෙට්ටුවේ හිමි

Date:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහු වටා සිටින කේවට්ටයින්ගේ උපදෙස් අනුව ඉදිරි ගමන යෑමට සැරසෙන්නේ නම් තමන්ටත් ඉතාම ඉක්මනින් වෙන පැත්තක් බලාගැනීමට සිදුවනු ඇති බවට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට එනකොට අපි හැමදෙනාටම තිබුණු සතුට අද ඇත්තේම නෑ. අපි දැක්කෙ නෑ කවදාවත් මේ වගේ පෝලිම් යුගයක්. පක්ෂ – විපක්ෂ හැම කෙනාගෙන අප්‍රසාදය අද දවසින් දවස සතියෙන් සතිය වර්ධනය වෙමින් පවතිනවා මට පේනවා. එතුමාට වැරදිච්චි තැන තමයි මේ ආණ්ඩුවේ කළමනාකරණයකුත් නෑ, අධීක්ෂණයකුත් නෑ, සුදුස්සෝ සුදුසු තැන්වලත් නෑ. අර නිස්සන් නිසි තැන්වල වැජඹේවා කියන එක අද මේ ආණ්ඩුව තුළ නෑ. ජනාධිපතිතුමාට කියන්නෙ, දැන්වත් ඔබතුමා අඩුපාඩු හොයන්න. වුණේ මොකක්ද කියලා හොයන්න. ඇහුම්කන් දෙන්න ගෝඨාභය මහත්තයෝ. ඔය වටේ ඉන්න කේවට්ටයෝ ටික කියන දේවල් අහගෙන ඔබතුමා ඉදිරි ගමන යන්න යනවා නම් අපටත් සිද්ධවෙයි බොහෝම ඉක්මනින් වෙන පැත්තක් බලාගන්න”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (31) නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...